(ඩයනා උදයංගනී)
කොරෝනා වයිරසය වැළදී ඇත්දැයි සිදු කෙරන පී.සී.ආර් පරීක්ෂණය සඳහා පෞද්ගලික රෝහල්වලට ඉඩ ලබා දෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (18) පැවසීය.
එම අවස්ථාව ලබා දෙනුයේ කොන්දේසි මත බවද අනිල් ජාසිංහ මහතා කීවේය.
රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී අනිල් ජාසිංහ මහතා මේ බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූලික කොන්දේසිය විය යුත්තේ අය කරන මුදල පිළිබඳවයි. ගිය සතියේ මම කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට කතාකළා... මේ සම්බන්ධව. රු.17,500/= ක් කිව්වා . රිපෝර්ට් එක දවස් 3කින් කිව්වා. ඒ වගේම රජයෙන් තවම අනුමැතිය ලැබුනේ නැහැ කිව්වා.. ලඟදීම ඒක ලැබෙනවා කිව්වා. එතකම් රිපෝර්ට් එක දෙන්න බැහැ කියලත් කිව්වා...
අසාධාරණ ලෙස මුදල් අය කිරීමට ඉඩදෙන්න එපා...
දැන් ජාසිංහ මහත්මයා රූපවාහිනියේ කිව්ව කොරෝනා පරීක්ෂණය පුද්ගලික අංශයට කියලා කරවාගන්න පුළුවන්... උපරිම මිලකුත් නියම කළා. රුපියල් 6000ක් පැය 24ක් තීරණය දැනුම් දෙන්න ඕනේ කියලා කිව්වා. මේ වැඩේ පසුගිය කාලේ ලංකාවට අාපු මගීන්ගෙන් කැමති කෙනෙකුට ගුවන්තොටුපලේදීම මුදල් ගෙවලා කරගන්න අවස්ථාව දුන්නා නම්.., හැමෝටම විශාල පහසුවක් නේද? මෙවැනි දේවල් මොකද කලින් තීරණය නොකළේ..? එතකොට මේ මනුෂ්‍යයින් ගමේ ගියාම සති දෙකක් බයේ ගැහිගැහී ඉන්න අවශ්‍ය නැහැ නේද?
කරුණාකර දැන්ම ප්‍රමාද නොකර රෝගලක්ෂණ නොමැති වුනත් පසුගිය කලේ ඉතාලියේ, ඉරානේ, දකුණු කොරියාවේ සහ ජර්මනියේ ඉඳන් ලංකාවට පැමිණි කැමති කෙනෙකුට පුද්ගලික ආයතන මගින් මුදල් ගෙවල මෙම පරීක්ෂණය කරගන්න අවස්ථාව දෙන්න , ඉතාලියෙන් ජර්මනියෙන්, කොරියාවෙන් පැමණි පුද්ගලයන් ස්වේච්චාවෙන්ම මෙම පරීක්ෂණ කරව ගනීවි. ඔවුන්ට රුපියල් 6000 ලොකු දෙයක් නොවේ , එවිට රෝගීන් සොයාගතහොත් වහාම ඔවුන්ට ප්‍රතිකාර කිරීම සහ වටේ සිටි මිනිසුන් නිරෝධනයට යොමු කිරීම කළහැක . ප්‍රමාද කරන්න එපා