(දසුන් රාජපක්ෂ )
නව කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින තත්ත්වය හමුවේ මහ මැතිවරණය පැවැත්වීම කල් දමන ලෙස කැෆේ සංවිධානය රජයෙන් ඉල්ලා සිටියි.
එම තත්ත්වය හමුවේ මහ මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම්දීමක් කළ බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා අද (18) සදහන් කළේය.
පවතින අවදානම්කාරී තත්ත්වය මත මැතිවරණ ව්‍යාපාරයට අදාල කටයුතු සිදුකිරීමේදී කොරෝනා රෝගය ජනතාවට ආසාදනය වීමේ වැඩි ඉඩක් පවතින බව අහමඩ් මනාස් මකීන් මහතා පැවසීය.
ඡන්ද රැඳි පැවැත්වීම, ගෙයින් ගෙට ගොස් අත්පත්‍රිකා බෙදා දීම වැනි කටයුතු මඟින් කොරෝනා රෝගය පැතිර යාම තව දුරටත් වර්ධනය විය හැකි බවද ඒ මහතා කීය.
සුදුසු නිරෝධායන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර කොරෝනා වෛරසය පැතිරයාම සම්පූර්ණයෙන් අවසන් වනතුරු මැතිවරණය පැවැත්වීම නොකළ යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ලොව බොහෝ රටවල් කොරෝනා වෛරස් තත්ත්වය හමුවේ එම රටවල් වල පැවැත්වීමට නියමිතව තිබුණු මැතිවරණ කල් දමා හෝ අත්හිටුවා තිබෙන පසුබිමක් යටතේ මෙරට තුලද මැතිවරණය කල් දමා ඊට වෙන් කෙරෙන මුදල් කොරෝනා රෝග නිරෝධායන වෙනුවෙන් යොදවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරනය කල්දාන එක කොමිසමේ රජකරියක් කොරෝනාවලට ඡන්ද මුදල් දීලා පස්සේ කොහෙන්ද සල්ලි මැතිවරණයට
මේ කතාවේ ඇත්තකුත් තිබෙනවා , ගෙන්ගෙට ගිහින් පත්‍රිකා බෙදන්න ගියොත් කොරෝන පැතිරෙන්න පුළුවන් , නමුත් ජනපති තුමා කියන්නේ පාර්ලිමේන්තුව විසුරවලා තිබෙද්දී කොහොමද රටක් පාලනය කරන්නේ කියලා , කොරෝන වසංගතය පැතිරෙන බව දැනගෙන පාර්ලිමේන්තුව විසුරවපු එක වැරදියි.
මතක තියා ගන්න - "එහෙම වෙන්නේ නැහැ මේ ශ්‍රී ලංකාවේ" ඡන්දය තමා වැදගත්!!
මට ගැටලුව මැතිවරණය තියන්න එපා කියලා මේකේ අදහස් පලකරලා තියන ඒවාට මෙච්චර අකමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නේ ඇයිද යන්නයි..? දේශපාලකයින්ට වගේ මිනිස්සුන්ටත් ලෙඩේ කොහොම හැදුණත් ඕනේ මැතිවරණයක්ද?
ඇතිවෙලා තිබෙන්නේ හදිසි තත්වයක් නිසා තිබුණු සුළුතර ආණ්ඩුවට තව මාස 3-4 වත් රජයක් පවත්වාගෙන යන්න. පාර්ලිමේන්තුවේ බහුතරය කැමැත්ත දෙනවද? දැන් කරන්න තිබෙන එකම දෙය දෙගොල්ලන් සමගම එකතුවෙලා අයවැයක් හදලා එක මුලින්ම පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න එක... ඊට පස්සේ පුළුවන් මැතිවරණ පවත්වා ගන්න. මහින්ද මහත්මයාට රනිල් සමග සාකච්ඡා කරලා දෙගොල්ලම හවුලේ කමිටුවක් හදලා ආර්ථික විද්වතුන් වන බන්දුල ගුණවර්ධන සහ හර්ෂද සිල්වා යන මහත්වරුත් මේ කමිටුවට දමාගෙන ස්ථිර අයවැයක් ඉදිරි වර්ෂයට හදාගෙන සම්මත කරගන්න.
ඡන්දෙ නොතියා කොහොමද පවුල් පාලනේ උදවිය බලන් ඉන්නේ... බලය බෙදා හදාගන්න හැටිනේ..