කොරෝනා වයිරසය වැඩිහිටියන් අතර පමණක් නොව, තරුණ පිරිස අතරද ව්‍යාප්තවෙමින් පැවතීම සම්බන්ධයෙන් ඇමෙරිකානු සෞඛ්‍ය බලධාරීහු සහ විශේඥවරු අපේක්ෂා භංගත්වයට පත්ව සිටිති.
ඇමෙරිකාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තව යන වයිරසය පිළිබඳව අවධානය යොමුකරමින් ඊයේ ධවල මන්දිරය ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියේ, මීට ඉහතදී අපේක්ෂා කළ ආකාරයට තරුණ පිරිස වයිරසයේ අවදානමෙන් ඉවත් වී නොමැති බවයි.
එබැවින්, වැඩිහිටියන් පමණක් නොව තරුණ පරපුරද තම තමන්ගේ යහපත වෙනුවෙන් මීට වඩා වගකීම් සහගත ලෙස කටයුතු කරන ලෙස ඔවුන් අනතුරු අඟවා ඇත.
වයිරසයේ ගෝලීය බලපෑමෙන් ඉවත්වීම සඳහා තරුණයන් රංචු ගැසී ෆ්ලොරීඩාවේ වෙරළතීරවලට වී සිටින දර්ශන රූපවාහිනී නාලිකා මගින් ප්‍රචාරය වීමත් සමග මහජන සෞඛ්‍ය නිලධාරීහු සහ විශේෂඥවරු මෙලෙස අපේක්ෂා භංගත්වයට පත්ව සිටිති.
පාරිභෝගිකයන් අතරින් තරුණ පරපුර බහුලව යන එන අවන්හල් සහ මත්පැන්හල් වසාදමන ලෙස බලකිරීමටද පොලිස් නිලධාරීන්ට සිදුව තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඇමෙරිකාව තරුණ පරපුරට අනතුරු අඟවයි
ravi Thursday, 19 March 2020 07:19 AM
මේ අසනීපයට ගොදුරුවීමට කිසිම සුදුසුකමක් නැහැ.. තරුණ, වයස.. කාන්තා, පිරිමි, දුප්පත්, පොහොසත්.. මේ කිසිම භේදයකින් තොරව මේ වසංගතය මේ වෙනකන් පැතිරිලා තියන බව සනාථයි...!