
චීනයේ, හුබෙයි ප්‍රාන්තයෙන් අලුතින් කිසිදු රෝගියකු වාර්තා නොවූ බව චීන සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති.
ජනවාරි මාසයේ සිට ජාතික මට්ටමින් ආසාදිතයන් වාර්තා වූ හුබෙයි ප්‍රාන්තයෙන් ඊයේ වනවිට සොයාගත් ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 0 දක්වා පහළ බැස ඇත.
නමුත් සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ, චීනයේ සෙසු ප්‍රදේශවලින් ආසාදිතයන් 34 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බවයි. ඒ අනුව, ආසාදිතයන්ගේ සංඛ්‍යාව 80, 928 දක්වා ඉහළ ගොස් ඇත.
කෙසේවෙතත් සෞඛ්‍ය අංශ සඳහන් කළේ, අලුතින් හඳුනාගත් ආසාදිතයන් සියල්ලන්ම විදෙස් රටින් පැමිණි අය බවයි.
හුබෙයි ප්‍රාන්තයෙන් මරණ 8ක් වාර්තා වී ඇත. මේ වනවිට වයිරසයෙන් චීනයේ මිය ගිය ගණන 3,245 ක් ලෙස හඳුනාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොටම හැදිලා තව හැදෙන්න අලුතින් නැද්ද දන්නේ නැහැනේ ...?