කෝවිඩ් - 19 නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇ.එ.ජනපදයෙන් තවත් කොරෝනා රෝගීන් 205ක් වාර්තා වේ.
කොරෝනා වයිරසය මේ වන විට ලෝකයේ රටවල් 176ක් ආක්‍රමණය කර තිබේ. ඊට අමතරව ජපානයේ යොකොහාමා නුවර ආසන්නයේ නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවටද එය පැතිරී තිබෙන අතර එම නෞකාවෙන් මේ වනවිට හමුවූ රෝගීන් ගණන 712ක් වන අතර ඉන් 7 දෙනෙකු මියගොස් තිබේ.
මේ වනවිට ශ්‍රී ලංකාවේද කොරෝනා රෝගීන් 53ක් වාර්තා වේ.
අද (මාර්තු 19) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.00 වනවිට තිබූ තත්ත්වය අනුව ලෝකය පුරා කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව 219,387ක් වූ අතර මරණ 8,970ක් වාර්තා වී ඇත. මේ වනවිට 85,749ක් සුවය ලබා තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතරම දෑත සෝදා කොරෝනා පැතිරවීම වලක්වමු.