තරුණ තරුණියන්ට කොරෝනා වයිරසය ආසාදනය නොවන බවට මිත්‍යා මතයක් සමාජගත වී තිබීම හේතුවෙන් ලොව පුරා තරුණ තරුණියන් කොරෝනා වයිරසය සම්බන්ධ අනතුරු ඇඟවීම් නොසලකා හරින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
වයිරසය ආසාදනය නොවුවද ඕනෑම පුද්ගලයෙක් ඔස්සේ එය අනෙක් අයට පැතිරීමට ඉඩ ඇති බැවින් නොසැලකිලිමත් තරුණ තරුණියන් විසින් "වෙනත් අයගේ ජීවිතය හෝ මරණය" තීරණය කරනු ඇතැයිද එම සංවිධානය අනතුරු අඟවයි.
තරුණ වයසේ පුද්ගලයන්ට ද වයිරසය ආසාදනය වීමට හැකි බැවින් අවදානමට ලක්විය හැකි පුද්ගලයන් සමග සමාජ ඇසුර අවම කරමින් රෝග කාරක වැඩිහිටියන් අතර පැතිරීම පාලනය කළ යුතු බව එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.
ජිනීවාහි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් මහතා මෙසේ පැවසීය: "වැඩිහිටියන් වඩාත්ම පීඩාවට පත් වුවද, තරුණයින්ට ද මෙයින් ගැලවීමක් නැත. මට යෞවනයන් සඳහා පණිවිඩයක් තිබේ.
මෙම වෛරසය ඔබව සති ගණනක් රෝහල් ගත කිරීමට හෝ ඔබව මරා දැමීමට පවා ඉඩ ඇත. ඔබට අසනීප නොවුවද ඔබ යන එන තැන වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාව ඇත."
අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයින්ට වෛරසය ආසාදනය විය හැකි බවයි. නමුත් එය විශේෂයෙන් වයස්ගත පුද්ගලයින්ට සහ කල්පවත්නා රෝගාබාධ ඇති අයට භයානක ය.
ඉතාලියේ කොවිඩ් -19 රෝගයෙන් මියගිය අයගේ සාමාන්‍ය වයස අවුරුදු 78.5කි.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, චීනයේ වයස අවුරුදු 50 ට අඩු රෝගීන්ගෙන් 1% ක් පමණ මිය ගියේය. නමුත් එය වයස අවුරුදු 80 ට වැඩි අයගෙන් 15% කට පමණ මාරාන්තික විය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය මරියා කෙර්කොව් පැවසුවේ, “මිනිස් සබඳතා අපට අවශ්‍යයි. එබැවින් ඒ සඳහා ක්‍රම සොයන්න, අන්තර්ජාලය හරහා සහ විවිධ සමාජ මාධ්‍ය හරහා සම්බන්ධතා පවත්වා ගැනීමට මාර්ග සොයා ගන්න. මන්දයත් මෙවැනි අවස්ථාවක ඔබේ මානසික සෞඛ්‍යය ඔබේ ශාරීරික සෞඛ්‍යයට මෙන්ම වැදගත් වන බැවිනි."
(බීබීසී ඇසුරිණි - 085)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තරුණ පිරිසට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවිමක්