( තිළිණි ද සිල්වා )
එළඹ ඇති මෙම පාසල් නිවාඩු කාලය අධ්‍යයන කටයුතුවලින් බැහැරව නොසිට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය මඟින් ඉදිරිපත් කරන “ඉ- තක්සලාව” වැඩසටහන් මාලාව සමඟ සම්බන්ධ වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සියලු පාසල් දරුවන්ගෙන් ඉල්ලීමක් කර සිටී.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ www.e-thaksalawa.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් “ඉ- තක්සලාව” වැඩසටහන් සමග සම්බන්ධ විය හැකි බවද එම අමාත්‍යාංශය කියා සිටී.
සිංහල හා දෙමළ මාධ්‍ය දෙකෙන්ම 1- ශ්‍රේණියේ සිට 5 - ශ්‍රේණිය දක්වා පාඩම්, අභ්‍යාස ප්‍රශ්නපත්‍ර හා ක්‍රියාකාරකම් මෙන්ම 6- ශ්‍රේණියේ සිට 13- ශ්‍රේණිය දක්වා පාඩම්, අභ්‍යාස සහ ප්‍රශ්න පත්‍ර විෂයන් රැසකට අදාළව සිංහල දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සේ මේ හරහා ඉදිරිපත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමේ ගොඩේ හේන් කුඹුරු වැඩ කරමින් දරු පවුල් රකිනා දෙමාපියන් සහ සුළු රැකියා වලින් දරුවන් රකිනා දෙමව්පියන් එතනත් අසරණයි. ඒ අයට කොහෙන්ද පරිගණක සහ අන්තර්ජාල පහසුකම්..