ඇඳිරිය ඉවත් කළත් ගම්පහ බස් නැහැ මාසයකට වැඩි කාලයක් නිරෝධායන ඇඳිරිනීතිය නිසා වසා දමා තිබු ගම්පහ නගරය යලි විවෘත කෙරුන ද අද (10) දහවල් කාලයේ සිට ගම්පහින් ගමන් ආරම්භ කෙරෙන කිසිදු පුද්ගලික බස් රථයක් ධාවනය නොවන අයුරු දැක ගත හැකිවිය. 10 November 2020
657 ක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගතව සිටි 657 දෙනෙකු සුවය ලබා අද (10) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 10 November 2020
ත්‍රිකුණාමලය රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොරෝනා ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහා රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි අද (10) නිකුත්වු පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 10 November 2020
මංගල උත්සවයට ආසාදිතයකු පැමිණීමෙන් මනාල යුවළ ඇතුළු පවුල් නිරෝධායනයට බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදිත වීම හේතුවෙන් මනාල යුවළ ඇතුළු එම උත්සවයට සහභාගී වූ පවුල් කීපයක් නිරෝධායන ලක්කිරීමට අද ( 10) පියවර ගත් බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මිය පැවසුවාය. 10 November 2020
ණය සහන කාලසීමාව තවත් මාස 6 ක් දිගු කරයි ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන් වෙත ලබා දී තිබූ ණය සහන කාලය ඔක්තෝබර් මස 1 වැනිදා සිට තවත් මාස හයකට දීර් ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. 10 November 2020
ගලගෙදරින් ගම් 3 කට සංචරණ සීමා ගලගෙදර පොලිස් බල ප්‍රදේශයට අයත් කුඹුරේගම ආශ්රිත ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වීමත් සමඟ එම ප්‍රදේශයේ ග්‍රාම නිළධාරි වසම් තුනක් සඳහා සංචරණ සීමා පනවනු ලැබ තිබේ. 10 November 2020
5000 දීමනාව ඉල්ලා ග්‍රාම නිලධාරිට තර්ජන රජයෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව දෙන ලෙස ඉල්ලා අලුබෝමුල්ල බටහිර ග්‍රාම නිලධාරී කාර්යාලයට කඩා වැදුණු පුද්ගලයකු ග්‍රාම නිලධාරී රොෂාන් රණසිංහ මහතාට අද (10) මරණීය තර්ජනය කර ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි 10 November 2020
මාවනැල්ල ප්‍රා.සබේ රැස්වීමට සතියක වාරණයක් නිරෝධායන නීති කඩ කරමින් පැවැත්වු මාවනැල්ල ප්‍රාදේශීය සභා රැස්විම සතියක කාලයක් කල් තැබීමට මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා අද (10 ) තහනම් නියෝගයක් නිකුත් කළේය. 10 November 2020
අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ 92 කට කොරෝනා පොලොන්නරුව, අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පවත්වාගෙන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින පොලීසියේ සාමාජික සාමාජිකාවන් 92 ක් කොරෝනා ආසාදිතයින් බව අද (10) වාර්තාවූ බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා පවසයි. 10 November 2020
කොවිඩ්-19 න් ආරක්ෂාවීමට සියයට 90ක ඵලදායීත්වයෙන් යුත් එන්නතක් කොරෝනා රෝගය සඳහා 90%ක පමණ ඵලදායීතාවයකින් යුතු එන්නතක් නිපදවීමට ඖෂධ සමාගම් දෙකක් සමත් වී ඇතැයි වාර්තා වේ. 09 November 2020
36 වැනි කොරෝනා මරණය කඳානෙන් කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් පෞද්ගලික රෝහලක සිට අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී ඇය මියගොස් ඇත. 09 November 2020
අද දිනයට කොරෝනා අසාදිතයන් 356 ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (09) පස්වරු 22.00 වනවිට තවත් ආසාදිතයන් 184 දෙනෙකු එක් වී තිබේ. එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 356 ක් දක්වා ඉහළ ගියේය. 09 November 2020
බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිලධාරීන් 21ට කොරෝනා බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටින පොලිස් නිලධාරීන් 21 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (9) ලැබුණු පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. 09 November 2020
සංචරණ සීමා ප්‍රදේශවලින් සේවකයන් ගෙන්වන්න අවසර ගන්න ඕනෑ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා සංචරණ සීමා පනවා ඇති පෙදෙස්වලින් කාර්ය මණ්ඩලය ගෙන්වා ගැනීමට අවශ්‍ය අවස්ථාවලදී ඒ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී අවසර ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 09 November 2020
කඳාන - මහබාගෙ හුදෙකළා කරයි කඳාන සහ මහබාගෙ යන පොලිස් වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (09) මේ මොහොතේ සිට නැවත දැනුම්දෙන තුරු හුදකලා කරන බව කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි. 09 November 2020
මතුගම සෞඛ්‍ය නිලධාරී කාර්යාලය වහයි මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ඩෙංගු සහයක ලෙස කටයුතු කරන සේවකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම කාර්යාලය අද(9) තාවකාලිකව වසා දැමූ බව මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී. ඩී. ලයනල් මහතා පැවසීය. 09 November 2020
ආසාදිත - නිරෝධායනයේ යෙදෙන පොලිස් නිලධාරීන්ගේ පවුල්වලට 5000 දීමනාවක් යම් පොලිස් නිලධාරියකුට කෝවිඩ් -19 වැළදී ඇති නම්, නිරෝධායන කදවුරක් සඳහා යොමු කර තිබේ නම්, ඔහුගේ පවුලේ සාමාජිකයින් හෝ යැපෙන්නන් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට පොලිස්පතිවරයා තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 09 November 2020
අඟුලාන හුදෙකලා කරයි මොරටුව පොලිස් බල ප්‍රදේශයේ අඟුලාන උතුර සහ අඟුලාන දකුණ යන ග්‍රාම නිලධාරී වසම් දෙක අද (09) මේ මොහොතේ සිට නැවත දැනුම්දෙන තුරු හුදකලා කරන බව කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි. 09 November 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ පොකුරට තවත් 172 ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (09) සවස 6.30 වනවිට නව ආසාදිතයන් 172 දෙනෙකු එකතු වී තිබේ. 09 November 2020
කොරෝනා ආසාදිත මුස්ලිම් මෘතදේහ භූමදානය ගැන සොයාබලන්න’යි අලි සබ්රි ඉල්ලයි කොවිඩ් ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ භූමදානය කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳ සොයාබලන ලෙස තමා අදාළ අංශ වෙතින් ඉල්ලීමක් කළ බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය. 09 November 2020
පොලිස් කාන්තාවන්ට සහනයක් ගර්භනී තත්වයේ පසුවන හෝ වයස අවුරුදු 2 ට වඩා අඩු දරුවන් සිටින පොලිස් නිලධාරිනියන්ට රාජකාරියට වාර්තා කිරීමකින් තොරව නිවසේ රැදී සිටීමට අවසර ලබාදීමට පොලිස්පතිවරයා තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 09 November 2020
සෞඛ්‍ය නිර්දේශ ලැබෙනතුරු මැනිං වෙළඳපොළ විවෘත වන්නේ නැහැ ’සෞඛ්‍ය තත්වයන් ස්ථාවර වන තුරු සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ ලැබෙනතුරු මැනිං වෙළඳපොළ නැවත විවෘත වීමක් සිදු වෙන්නේ නැහැ. කෙසේ වෙතත් එය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට නියමිතව තිබෙනවා’ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 09 November 2020
කුරුණෑගල - කුළියාපිටිය ගම් 5 ක් හැර සෙසු පෙදෙස් හුදෙකළාවෙන් මුදාහරී කුරුණෑගල මහ නගර සීමා බල ප්‍රදේශයේ ඉලිප්පුගෙදර ග්‍රාම නිලධාරී වසම සහ කඩවීදිය ග්‍රාම නිලධාරී වසම යන වසම් හැර අනෙකුත් ප්‍රදේශත්, කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ ගලගෙදර, හම්මලව සහ ඉහළ කළුගොමුව යන ග්‍රාම නිලධාරී වසම් තුන හැර සෙසු ප්‍රදේශත් අද (09) මේ මොහොතේ සිට හුදෙකලා තත්වයෙන් මුදාහරින බව කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි. 09 November 2020
බන්ධනාගාර රැඳවියන් 107 කට කොරෝනා වැලිකඩ සහ පැරණි බෝගම්බර බන්ධනාගාරවල රැඳවියන් 107 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 09 November 2020
ශ්‍රී ලංකාවේ සියයට 20 කට කොරෝනා එන්නත දෙන්න ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වෙයි ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20% කට ‘කොවිඩ්-19’ වයිරසය සඳහා නිපදවන එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාව පළ කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය අද (9) දැනුම් දුන්නා ය. 09 November 2020
නිරෝධායන නීති කැඩූ හැටන් වෙළඳසැල් පොලිස් අණින් වැසේ කොවිඩ් තත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් වෙළඳසැල් පවත්වාගෙන යාමට ලබා දි ඇති නිරෝධාන උපදෙස්වලට පටහැනිව හැටන් නගරයේ ව්‍යාපාර කටයුතු සඳහා විවර කර තිබූ වෙළඳසැල් කිහිපයක් තාවකාලිකව වසා දැමීමට අඹගමුව කොවිඩ්-19 සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ක්‍රිෂාන් පේමසිරි මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරු අද (09) කටයුතු කලහ. 09 November 2020
කටුනායක ගුවන්තොටුපළට රොබොටික් පීසීආර් පහසුකම් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්) එක්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා වේගවත් රොබොටික් පී.සී.ආර්. පරීක්ෂණ පහසුකම් සැලසීමට පියවර ගෙන ඇත. 09 November 2020
595ක් සුවය ලබා පිටව යති කෝවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 595දෙනෙකු පූර්ණ සුවය ලබා අද(09) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 09 November 2020
කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තිය හෙට එළි දක්වයි කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්ති මාලාව වාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන අමාත්‍යංශයේ දී හෙට(10) දිනයේ එළිදැක්වීමට නියමිතය. 09 November 2020
වැලිකඩ බන්ධනාගාර රෝහල කොවිඩ් ආසාදිත සිරකරුවන් පමණයි හදිසි අවශ්‍යතාවය මත කොවිඞ් ආසාදිත පිරිමි රැඳවියන් සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙන්කිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දු මහත්මිය ‘ලංකාදීප’යට පැවසුවාය. 09 November 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026