(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
'සෞඛ්‍ය තත්වයන් ස්ථාවර වන තුරු සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ ලැබෙනතුරු මැනිං වෙළඳපොළ නැවත විවෘත වීමක් සිදු වෙන්නේ නැහැ. කෙසේ වෙතත් එය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට නියමිතව තිබෙනවා' යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේද පැවසීය.
'පිටකොටුව මැනිං වෙළෙඳ පොළ අද(9) දින විවෘත කිරීමට නියමිතව තිබුණා. ඒ මැනිං වෙළඳපොළ ආශිතව සිටින නාට්ටාමිවරුන්ගේ පීසිආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව යම් ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වූ නිසා අද මැනිං වෙළඳපොළ වෙළදපොළ විවෘත කිරීමට නොහැකි වුණා.
මේ සම්බන්ධව තවදුරටත් සෞඛ්‍ය අංශවල උපදෙස් මත පීසීආර් පරීක්ෂණ සහ අනෙකුත් සමීක්ෂණ සිදු කරනු ලබනවා. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් නිර්දේශයක් ලබා දෙන තුරු මැනිං වෙළෙඳ පොළ විවෘත කිරීමට හැකියාවක් නැහැ.
ඒ අනුව විශේෂයෙන්ම මැනිං වෙළඳපොළ ආශ්‍රිතව සහ මැනිං වෙළෙඳ පොළට භාණ්ඩ රැගෙන එන අනිත් අයට මෙවැන්නක් දැනුම් දීමට කැමතියි. සෞඛ්‍ය තත්ත්වයන් ස්ථාවර වන තුරු ඒ වගේම ඒ සම්බන්ධ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ ලැබෙන තුරු නැවත විවෘත වීමක් සිදු වෙන්නේ නැහැ. කෙසේ වෙතත් ඒ යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට නියමිතව තිබෙනවා. පසුව විවෘත වන දිනය දැනුම් දීමට නියමිතයි'' යැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සෞඛ්‍ය නිර්දේශ ලැබෙනතුරු මැනිං වෙළඳපොළ විවෘත වන්නේ නැහැ