
(තිළිණි ද සිල්වා)
කොවිඩ් ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ භූමදානය කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳ සොයාබලන ලෙස තමා අදාළ අංශ වෙතින් ඉල්ලීමක් කළ බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද කොවිඩ් වයිරසය ආසාදිත මෘත දේහ භූමදානය කිරීම සඳහා අවසර ලබා දී ඇති බවද , ඒ අනුව ලෝකයේ රටවල් 189ක ආදාහනය හැරුණුකොට භූමදානය කිරීමේ අවසර ලබා දී තිබෙන බවද අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වු අධිකරණ අමාත්‍යවරයා මෙසේද කීය.
"මුල් කාලයේ දී අපිට පොඩි බයක් තිබුණා මේ වෛරසය නොහඳුනන නිසා. නමුත් මේ පිළිබඳව මේ වෙනකොට ප්‍රමාණාත්මක යම් දැනුමක් තියෙනවා. මේක විද්‍යානූකූලව සලකා බලලා, මේ සම්බන්ධයෙන්, මේක සමාජයට පැතිරෙන්නේ නැති ආකාරයට ගත හැකි සියලු ක්‍රියාමාර්ග අරගෙන මේ සඳහා ලබා දිය හැකි අවස්ථාව සලකා බලන්නැයි අපි ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ ඉල්ලීම කරන එකෙන් අදහස් කරන්නේ නෑ අපි මේ රටේ නිරෝධායන නීතියට අභියෝග කරනවා කියලා.
මේ රටේ සියලුම ජනතාවට මේක විශාල අමාරු කාලයක්. මට දුරකතන ඇමතුම්100ක් ආවොත් 99ක් කථා කරන්නේ, මුස්ලිම් ජනතාව ආදාහනය කරන එක නවත්තලා භූමදානය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න පුළුවන් ද කියන එක සම්බන්ධයෙන්. මුස්ලිම් ජනතාවගේ සාධාරණ ප්‍රශ්නයක් සාධාරණ විදියට ඉදිරිපත් කළාම අපි අන්තවාදීන් කියලා හංවඩු ගහනවා. මෙතෙන ඇති අන්තවාදයක් නැහැ’’යිද අමාත්‍ය අලි සබ්රි මහතා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මද්‍රසා තහනම සහ දැරියන් බාලවයසෙන් දීගදීම තහනම් කරන යෝජනාව" ගැන කලින් ලොකුවට කතා කලාට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කරන එක හෙමිහිට යට ගැහුවා නේද ? මේ වැඩෙත් එහෙමද දන්නේ නෑ.
ඔය එන්නේ ණය ටික.මෙයාට එක වැදගත් ඇමතුමක්වත් එන්නේ නැහැ. එන තරමක් එන්නේ ආගමෙ ප්‍රශ්න තමයි. රටෙ කොදු නාරටිය බදු නිලතල, මෙ වගේ ආගම ඔලුවෙ තියාගෙන කාන්තාර හීන දකින මිනිස්සුන්ට තමයි දෙන්නේ. නොදිත් බෑනේ... කුණු හෝදලා ගත්තේ මෙයානේ......
මුස්ලිම් අයට විතරක් මොකටද ඒ පහසුකම? බෞද්ධ සහ කතෝලික අනික් අයටත් දෙන්න. එක ජාතියකට ලොකු හැන්දෙන් කවන්නද කල්පනාව? කපටි ඇමැතිතුමෝ...
මුස්ලිම් මන්ත්‍රීවරු 20 හෙල්ප් කළානේ. එයාලා නැතිනම් 20 නැහැනේ. ඒ නිසා සබ්‍රිගෙ අහිංසක ඉල්ලිම ඉටුකරන්න ජනාධිපතිතුමනි.
ඔය නීති දමලා තිඛෙන්නේ ඔබ නියෝජනය කරන ආණ්ඩුව මිසක් රටෙ බහුතරයක් වන සිංහල ජනතාව නොවෙ ඔබ ඔය කතා කියන්න සර්ට...
අප කවුරුත් මැරෙනවා. රෝගය සෑදී මැරුණ අයගේ මෘත ශරීර කොයි ආගමකට කොයි ජාතියකට අයත් උනත්, ඒ මළමිනී වලින් වෛරසය ව්‍යාප්ත වේයැයි සිතනවා නම්, ඒවා පුළුස්සා දැමිය යුතුමයි. එය පොදු යහපත සඳහායි. මෙය බලන ඔබ මැරුණත්,මේ සඳහා අලි සබීර් මහතා මැරුණත් පොදු යහපත සඳහා අවශ්‍ය නම්, අපගේ මෘත ශරීරද පුළුස්සා දැමිය යුතුයි. අප මැරුණත්, අන් අයව ජීවත් කිරීමට වගබලාගත යුතුයි.
ඔබයි අපේ නානා...
ඔබ උගතෙක් හැටියට ඔය කතා කරන මිනිස්සුන්ට කියලා දෙන්න මැරුණාට පස්සේ මොන මගුල කළත් මොකද කියලා... ආදාහනය කරන එක පරිසරයටත් හොදයි.
මුස්ලිම් කියන්නේ අමුතුම ජීවින් කොට්ටාශයක්, හැමදේම මෙයාලට ඕනේ වෙනමම....
අලි සබ්රි ඔයා ඒවට අරාබියට යන්න... ඕනෑනම් එහෙ ත්‍රස්තවාදී ඉස්කෝලෙකුත් දාගන්න...
ආගමික වතාවත් කරලා හැමෝටම භුමි දානය කරන්න දෙන්න. එහෙම නැතිව ජන කොටසකට විතරක් වෙනම නීති මේ රටේ තියෙන්න බෑ නේද ඇමතිතුමෝ...? ඔයාගේ මුල් කථාව අනුව මේ රටේ හැමෝටම එකම නීතියක් සේම එක සමාන වරප්‍රසාද හිමිවිය යුතුයි. ඔයාලගේ ජනතාවට විතරක් නෙමෙයි. එහෙම බැරි නම්... මේකට කියන්න වෙන්නේ ජාතිවාදය කියලා. එහෙම ඕනේ නම් අර මුලින් ඔයා කියලා තියෙන රටවල් 189න් එකක් තෝර ගන්න පුළුවන්.. නේද..?
ඔය එන්නේ සිංහල ආණ්ඩුවෙ වැඩ.... එක රටට එක නීතියක්....
සහතික ඇත්ත.. මෙ ගොල්ලෝ ලෝකයේම ප්‍රසිද්ධ ආක්‍රමණශීලී ජාතියක්... විදිහට. සංහිදියාව ගෑවිලාවත් නැහැ.
ගෙදර බල්ලා මැරුණත් අපේ බෞද්ධ අයියලා මොනවද කරන්නේ?
මගේ අදහස නම් රටෙ හැම ජාතියකටම එක නීතියක් තියෙන්න ඔනේ එක එක අයට ඔන විදිහට රට කරන්න දෙන්න හොද නැහැ. සිංහල අපි කොහේ යන්නද? අපිට කියලා තියෙන්නේ මෙච්චරයි.
අපි එහෙමනම් බුර්කාවට හා හිජාබයටත් අවස්ථාව දෙමු නේද? ඒකත් මුස්ලිම් ජනතාවගේ අහිංසක ඉල්ලීමක්නේ...
මේක මුස්ලිම් ප්‍රශ්නයක්ද? නැතිනම් මේක වසංගත රෝගයක ප්‍රශ්නයක්ද? වසංගත රෝගීන්ගේ මෘතදේහ... ආරක්ෂිතව පිළිස්සීම ඉතා අගය කොට සලකමු.