(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යම් පොලිස් නිලධාරියකුට කෝවිඩ් -19 වැළදී ඇති නම්, නිරෝධායන කදවුරක් සඳහා යොමු කර තිබේ නම්, ඔහුගේ පවුලේ සාමාජිකයින් හෝ යැපෙන්නන් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට පොලිස්පතිවරයා තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් මෙසේද කීය.
''අභීත පොලිස් නිලධාරීන් දිවා රෑ නොතකා මාර්ග බාධකවල, ඒ වගේම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරමින් රාජකාරි කිරීම මෙන්ම හුදෙකලා කරන ලද ප්‍රදේශවල, නිරෝධායන ඇඳිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශවල, ශ්‍රී ලංකාව පුරාම සෞඛ්‍ය අංශ සමග එකතු වී කොවිඩ් මර්දනයට කරන ලද දායකත්වය ඇගයිය යුතුයි. ඒ නිසාම සමහර වෙලාවට ඔවුන් මේ වයිරසයේ ආසාදිතයන් බවට පත් වී තිබෙනවා. ඔවුන් කරන ලද කරන ලද සේවය අගය කිරීමක් ලෙස හා විශේෂයෙන්ම පවුල්වල අයට මෙවැනි දීමනාවක්, පැකේජයක් ලබාදීමට පොලිස්පතිතුමා තීරණය කර තිබෙනවා.
මේ වන විට පොලිසියේ යම් ප්‍රමාණයක් හා ආසාදිත වී තිබෙනවා. කුමන අවස්ථාවක එවැනි තත්ත්වයකට පත් වුණත් පොලිසියේ රාජකාරි අපි අඛණ්ඩව සිදු කරනවා. ඒ වගේම නිරන්තරයෙන් සෞඛ්‍ය ආරක්ෂණ කටයුතු වර්ධනය කිරීමට අපේ උපරිම සහාය සෞඛ්‍ය බලධාරීන්ට ලබාදීමට කටයුතු කරනවා'' යැයිද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ආසාදිත - නිරෝධායනයේ යෙදෙන පොලිස් නිලධාරීන්ගේ පවුල්වලට 5000 දීමනාවක්
Hisar Tuesday, 10 November 2020 06:02 AM
මෙ අයට තව රජයෙනුත් සල්ලි දෙන්න ඕනෙද? ඔය කාලකන්නි පුළුවන් තරම් මිනිස්සුන්ගෙන් ජරාව කාල කාල ඔවුන් ළඟ ඕනතරම් සල්ලි තියෙනවා... තව රජයෙනුත් දීපන්කො...