IMG-LOGO

මංගල උත්සවයට ආසාදිතයකු පැමිණීමෙන් මනාල යුවළ ඇතුළු පවුල් නිරෝධායනයට

 
 
 (බිමල් ශ්‍යාමන් ජයසිංහ) 
                           
බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ  මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදිත වීම හේතුවෙන් මනාල යුවළ ඇතුළු  එම උත්සවයට සහභාගී වූ පවුල් කීපයක් නිරෝධායන ලක්කිරීමට අද  (10) පියවර ගත් බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මිය පැවසුවාය. 
                    
මීට දින 10 පමණ පෙර දී මංගල උත්සවය පවත්වා ඇති අතර ඒ සඳහා පුද්ගලයන් 40ත් 50ත් අතර ප්‍රමාණයක්  සහභාගි වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි වෛද්‍යවරිය පැවසුවාය

මිල්ලනිය ප්‍රදේශයේ පදිංචි මනාල මහතාගේ සහෝදරයකු මංගල උත්සවයට සහභාගි වී  ඇති අතර එයින්  දින කීපයකට පසු කොරෝනා රෝග ලක්ෂණ පහළ කිරීමේ හේතුවෙන් ඔහු පි සි ආර් පරීක්ෂණයට භාජනය කර තිබූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර් යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
                       
එම පුද්ගලයා  ආසාදිතයෙකු  බවට පෙරේදා 9 වෛද්‍ය වාර් තාව මගින් අනාවරණය වීමෙන්  පසුව  ආ ගිය තැන් තැන් පිළිබඳව විමසීමේ දී මේ බව අනාවරණය වී ඇතැයි එම  ප්‍රකාශකයා කීය .
                                   
ඒ හේතුවෙන් එම මංගල උත්සවයට සහභාගී වූ අවට නිවාස කීපයක සාමාජිකයන් එම නිවෙස් වලම ස්වයං නිරෝධායන ලක් කිරීමට පියවර ගත් බවත් තවදුරටත් සොයා බලා පිටස්තර ප්‍රදේශවල අය වෙතොත් ඒ ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල  දැනුවත් කිරීමට පියවර ගන්නා බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය

මනාලිය පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඒ සම්බන්ධයෙන් පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ද දැනුවත් කිරීමට පියවර ගත් බව වෛද්‍යතුමිය වැඩිදුරටත් පැවසුවාය .

 



අදහස් (0)

මංගල උත්සවයට ආසාදිතයකු පැමිණීමෙන් මනාල යුවළ ඇතුළු පවුල් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 627 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 762 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 324 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site