IMG-LOGO

ණය සහන කාලසීමාව තවත් මාස 6 ක් දිගු කරයි

 

 

 
හර් ෂණ තුෂාර සිල්වා
 
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන් වෙත ලබා දී තිබූ ණය සහන කාලය ඔක්තෝබර් මස 1 වැනිදා සිට තවත් මාස හයකට දීර් ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල හේතුවෙන් උද්ගත වූ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව එම පියවර ගෙන තිබේ.

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින්  ශ්‍රී ලංකා මහ බැංකුව ඒ බව දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර් ය
 
ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතාගේ අත්සනින් යුතුව 2020 නොවැම්බර් 9 දින දාතම යටතේ අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

එම චක්‍රලේඛයට අනුව ණය සහන කාලය සඳහා ඉල්ලුම් කළ යුතු අවසාන දිනය මේ මස 25 වැනිදා වන අතර ලිඛිතව, මුද්‍රණය කර, ඊමේල් (විද්‍යුත් පණිවුඩයකින්) හෝ එස්.එම්.එස් පණිවුඩයකින් (කෙටි පණිවුඩයකින්) හෝ ඒ බව අදාළ බැංකුව හෝ මූල්‍ය ආයතනය වෙත වෙත දැනුම් දිය හැක. ඒ සඳහා ඉල්ලුම් කරන ආකාරය අදාළ බැංකුව හෝ මූල්‍ය ආයතනය සමඟ සාකච්ඡා කළ හැකි බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඊට අදාළ සරල ආකෘති පත්‍රයක් ගනුදෙනුකරුවන්ට ලබාදෙන්නැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් දී ඇත.

මෙම සහන කාලයට අදාළව ගණනය කෙරෙන පොලී මුදලක් ගෙවිය යුතු වන අතර එ් සියල්ල ශ්‍රී ලංකා බැංකුව නිකුත් කර තිබෙන 2020 අංක 11 දරන මෙම නව චක්‍රලේඛයට යටත් වේ.

ඒ අදාළ ගෙවීම් හා අය කිරීම් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝගවලට යටත්ව ගනුදෙනුකරුගේ සහ බැංකු හෝ අදාළ මූල්‍ය ආයතනයේ එකඟතාව පරිදි ක්‍රියාත්මක කළ යුතු වේ.

ඊට අමතරව මාස 12ක් හෝ මාස 24ක කාලයක් තුළ අදාළ පොලී මුදල ගෙවිය යුතු වන අතර එය ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයේ නියම කර තිබෙන පොලී අනුපාත හා කොන්දේසිවලට යටත් විය යුතු ය.

 



අදහස් (0)

ණය සහන කාලසීමාව තවත් මාස 6 ක් දිගු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 627 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 762 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 323 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site