(නිමල කොඩිතුවක්කු)

කොවිඩ්  ප්‍රවාහන ප්‍රතිපත්ති මාලාව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන අමාත්‍යංශයේ දී  හෙට(10) දිනයේ එළිදැක්වීමට නියමිතය.

සෞඛ්‍ය අංශ වල උපදෙස් පරිදි සකස් කර ඇති කොවීඩ් ප්‍රවාහන  ප්‍රතිප්ත්තියට අනුව  බස්රථ ධාවනය කිරීමේදී මගීන්ගේ සුරක්ෂිත බව පිළිබදව වැඩි අවධානයක් යොමුකර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ලංකාදීපයට පැවැසීය.

කොවීඩ් ප්‍රවාහන ප්‍රතිප්පතිය අනුව බස්රථ ගාස්තුවෙහි සුළු වෙනසක් සිදුවිය හැකි වුවත් කොවීඩ් තත්වයෙහි තුරන් වීම පිළිබද තහවුරු කළ පසු  බස්ගාස්තු යළි පෙර තිබූ අයුරින්ම අය කෙරෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

පවතින තත්වය හමුවේ මගීන් පිළිබදව මෙන්ම බස්රථ හිමියන් පිළිබදවද අවධානය යොමු කරමින් දෙපාර්ශවයම අපහසුතාවයට පත් නොවන ලෙස ප්‍රවාහන ප්‍රතිප්‍රප්තිය සකස් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.