
(ජයන්ත සමරකෝන්)
හදිසි අවශ්‍යතාවය මත කොවිඞ් ආසාදිත පිරිමි රැඳවියන් සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙන්කිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දු මහත්මිය ‘ලංකාදීප’යට පැවසුවාය.
එහි දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගී රැඳවියන් 150 ක් පමණ අද සිට මහර බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට පියවර ගත් බවද ඇය පැවසුවාය.
මරණ දඩුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර යන දෙදෙනාත්, සිරඩුවම් විදින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ, විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු කීපදෙනෙක්ම මේ වන විට බන්ධනාගාර රෝහලේ නේවාසිකව සිටින බව වාර්තා වේ.
කොවිඞ් ආසාධිත වන කාන්තා රැඳවියන් සඳහා මින් ඉදිරියට පල්ලන්සේන පුනුරුත්ථාපන මධ්‍යස්ථානය වෙන්කර ඇති බව ද දැනට කොවිඞ් ආසදිත රැඳවියන් 93 දෙනකු පමණ වැලිකන්ද විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යවා ඇතැයි රාජ්‍ය ඇමතිවරිය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd