IMG-LOGO

වැලිකඩ බන්ධනාගාර රෝහල කොවිඩ් ආසාදිත සිරකරුවන් පමණයි

(ජයන්ත සමරකෝන්)

හදිසි අවශ්‍යතාවය මත කොවිඞ් ආසාදිත පිරිමි රැඳවියන් සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙන්කිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දු මහත්මිය ‘ලංකාදීප’යට පැවසුවාය.

එහි දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගී රැඳවියන් 150 ක් පමණ අද සිට මහර බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට පියවර ගත් බවද ඇය පැවසුවාය.

මරණ දඩුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර යන දෙදෙනාත්, සිරඩුවම් විදින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ, විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු කීපදෙනෙක්ම මේ වන විට බන්ධනාගාර රෝහලේ නේවාසිකව සිටින බව වාර්තා වේ.

කොවිඞ් ආසාධිත වන කාන්තා රැඳවියන් සඳහා මින් ඉදිරියට පල්ලන්සේන පුනුරුත්ථාපන මධ්‍යස්ථානය වෙන්කර ඇති බව ද දැනට කොවිඞ් ආසදිත රැඳවියන් 93 දෙනකු පමණ වැලිකන්ද විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යවා ඇතැයි රාජ්‍ය ඇමතිවරිය සඳහන් කළාය.

 



අදහස් (0)

වැලිකඩ බන්ධනාගාර රෝහල කොවිඩ් ආසාදිත සිරකරුවන් පමණයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 627 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 762 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 324 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site