
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20% කට ‘කොවිඩ්-19’ වයිරසය සඳහා නිපදවන එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාව පළ කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය අද (9) දැනුම් දුන්නා ය.
කොවිඩ්-19 රෝගය වැළැක්වීම සදහා ශ්‍රී ලංකාව තුළ ඊට අදාළ එන්නත භාවිත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (9) පැවැත්විණි.
එහිදි අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය, මෙරට ජනගහනයෙන් සියයට 20 කට ‘කොවිඩ්-19’ වයිරසය සඳහා නිපදවන එන්නත ලබාදීමට ලෝක සෞඛය සංවිධානය එකඟතාව පළ කර ඇතැයි දැනුම් දුන්නා ය.
මෙම එන්නත ලබාදීම සඳහා වන කරුණූ සෙවීමට කමිටුවක් පත් කරන්නැයි ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එහිදි නිලධාරීන්ට උපදෙස් දුන්නා ය.
ඒ අනුව ඒ සදහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරිම, එන්නත ලබාදෙන පිරිස් තීරණය කිරිම, ඊට අදාළ භෞතික සම්පත් කළමණාකරණය, තොරතුරු ලබාගැනීම, කරුණු ගොනු කිරිම වැනි කාරණා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියාගේ උපදෙස් මත විශේෂ කමිටුවක් පත් කෙරෙනු ඇත.
ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුව බඩට ඇවිල්ලවත් නැහැ දීග දෙන්න මිනිිිිිිහෙක් හොයනව. කොහේ තියෙන එන්නත් ගැනද මේ කියන්නෙ... 20% නොමිලේ දිල අපිට සල්ලි වලට දෙන්න කවුරුන් රවටන්න ද මේ....? මුට්ටි ගගට දාපු එකේ පාට් 02මේ
මෙ හදන්නෙ ශ්‍රී ලංකාවෙ මිනිස්සු පරීක්ෂණ මීයෝ කරගන්න වැඩක්. ඛෙහෙත අත්හදා බලන්න හදන්නේ. ලෝකයේ රටවල් කීයකට දීලා තියෙනවද දැනට?
මා යෝජනා කරනවා වයස 60 වැඩි සියළු දෙනාටත් දියවැඩියා, වකුගඩු ආබාධ, වැනි දරුණු ගනයේ ලෙඩ ඇති කුමන වයස් සීමාවක අයටත් මෙය නොමිලයේ විදිය යුතුයි. අනෙත් අයට මුදලකට දුන්නාට කමක් නෑ. ජාත්‍යන්තර පිලිගන්නා ක්‍රමවේදය මෙයයි.
කාට නැතත් අර පාර්ලිමේන්තුවේ ඉන්න හිඟන්නෝ ටිකයි, ඔවුන්ගේ දුප්පත් පවුල්වල අසරන නෑදෑ හිතවතුන්ටයි දීලා ඉතුරු වුනොත් අපිටත් දේන්න කීයක්හරි අපෙන් ගත්තත් කමක් නැහැ... අර කට්ටිය හුඟක් අසරන අයනේ.