මධ්‍යම කොළඹ පෙදෙස් 5ක් යළි දැනුම්දෙනතුරු වසාදමයි
කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය හා වේල්ල වීදිය යන ප්‍රදේශ 16 වන සඳුදා අළුයම 5 සිට නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කරන බව කෝවිඩ් පාලනය කිරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.