(යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද)
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ F වාට්ටුවේ රදවා සිටි රැඳවියන් 44 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.
රැඳවියන් 107 දෙනෙකු හා බන්ධනාගාර නිලධාරින් 25 දෙනෙකු ඊයේ (13) පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කරණු ලැබීය. අද දින ලැබුණු පී.සී.ආර්. පරික්ෂණ වාර්තා අනුව රැඳවියන් 44 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරුවී ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වූ රැඳවියන් 44 දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට කටයුතු කරන බවද හෙතෙම පවසයි.
පී.සී.ආර්. පරීක්ෂණවලදි කොරෝනා වයිරසය ආසාදනය නොවු බන්ධනාගාර නිලධාරින් දින 14 නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. ඔවුන්ගේ දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණය 25 වැනි දින සිදුකරන බවද පවසයි. මේ අතර බූස්ස බන්ධනාගාරයේ ඉතිරි 260 දෙනා හෙට (15) පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කරන බවද හෙතෙම පවසයි.
මීට පෙර බූස්ස බන්ධනාගාරයේ මෙම වාට්ටුවේ සිටි රැඳවියන් 03කට කොරෝනා වයිරසය ආසාදනය වි තිබුණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බූස්සේ රැඳවියන් 44කට කොරෝනා