
(ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල දිස්ත්‍රික්කයේ මේ දක්වා කාලය තුලදි වැඩිම කොරෝනා රෝගින් සංඛ්‍යාවක් වාර් තා වී ඇත්තේ බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බවත් එම සංඛ්‍යාව 44ක් බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
ඒ අනුව මේ දක්වා කාලය තුළදී ගාල්ල නගර සභා බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු, කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයින් 17 දෙනකු අම්බලන්ගොඩ හා රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස තුලින් පිළිවෙළින් කොරෝනා ආසාදිතයින් 10,11 බැගින් වාර් තා වි ඇති බවද හෙතෙම පවසයි.
අනික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් රෝගින් වාර් තා වි ඇත්තේ පහකට අඩුවෙන් බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගින් 121 දෙනෙකු වාර් තා වි ඇති අතර ඉන් 73 දෙනෙකුම පැළියගොඩ මත්ස්‍ය වෙළදපොළට සම්බන්ධ ආශ්‍රිතයින් බව පවසන ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා කොළඹ නැව්තටාංගන පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් 38 දෙනෙකු හා මිනුවන්ගොඩ ඇගලුම් කම්හල් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් 04 දෙනෙකු සිටින බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම්... බස්නාහිර සිට පමණක් සංචරණය තහනම් වන්නේ කෙසේද? ගාල්ල දිශාවට හෝ දකුණු පළාතට ඇඳිරි නීතිය දමන්නේ හෝ සංචරණ සීමා පනවන්නේ රෝගය පැතිරුණාම වෙන්න ඇති. බස්නාහිරට කළේත් එහෙමමයි. නියම මොලකාරයින්..