IMG-LOGO

නිරෝධායන නිවෙස්වලින් බැහැර කරන අපද්‍රව්‍ය කරදියානට ගෙන යන්න දින දෙකක්

(රේඛා තරංගනී ෆොන්සේකා)

කෝවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් හමුවු නිරෝධානය වන නිවෙස් වලින් ඉවත ලන කසල  කරදියාන කසල අංගනයට මුදා හැරීම සඳහා සතියේ සඳුදා අඟහරුවාදා දින දෙක වෙන් කර ඇති  බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂක නලින් මාන්නප්පෙරුම මහතා(15) පැවසීය.

එම සායනික අපද්‍රව්‍ය කහ පැහැති මලුවල බහා ජීවානුහරණය කර ඒ සඳහා වෙන්කළ  රථයක රැගෙන ආ යුතු  බව ද අධ්‍යක්ෂකවරයා පැවසීය.

කරදියාන කසළ අංගනයේ සේවය සඳහා යොදවා ඇති ප්ලාස්ටික් වෙන් කිරීමේ කාර්යයන්වල නිරත වන සේවික සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මෙකී පියවර ගත් බව ඒ මහතා පැවසීය.

නිරෝධාන නිවෙස් වලින් ඉවතලන  මාස්ක්, ග්ලවුස්, සෙම් සොටු සහිත පේපර් සර්වියට් වැනි සායනික කසල ගැනීමේදී ජීවානුහරණය කර ගැනීමට කටයුතු කළ යුතු යැයි පළාත් පාලන ආයතන වලට දැනුම් දී ඇති බව සඳහන් කරන ඒ මහතා බස්නාහිර පළාත තුල ඇති පළාත් පාලන ආයතන හතලිස් නවයටම උපදෙස් පත්‍රිකා බෙදා හැර ඇති බවද පැවසීය.

නිරෝධානය වන නිවෙස්වලින් ඉවත ලන කසල එකී නිවෙස් තුළම පුළුස්සා දැමීමට පියවර ගන්නේ නම් එය වඩාත් යෝග්‍ය බව සඳහන් කළ ඒ මහතා අදාළ පළාත් පාලන ආයතන වලින් මේ සඳහා මැදිහත් වෙමින් එකී කසල විශේෂිත ස්ථානයකදී පුළුස්සා දැමීමට පියවර ගන්නේ නම් එයත් මේ අවස්ථාවේදී වඩා වටිනා කාර්යයක් බව පැවැසීය.

නිරෝධානය වන නිවෙස්වලින් බැහැර වන කසළ දැඩිව ජීවාණුහරනය ලක්කර කසළ අංගනයේ වෙන්කළ කොටසක වල දැමීමට සැලසුම් කර ඇති බව සඳහන් කළ ඒ මහතා එකී කසල පුළුස්සා දැමීම සුදුසුම පියවර වුවත් ඒ සඳහා වන පහසුකම් කරදියාන කසළ අංගනයේ නොමැති බව පැවසීය.

කෙසේ වුවද මෙකී කසල අධික ලෙස ජීවානුහරණය ට ලක් කිරීමට අවශ්‍ය සියලුම පහසුකම් සපයා ඇති බවද වැඩිදුරටත් පැවසීය
එමෙන්ම කසළ කළමනාකරණයේ යොදවා ඇති සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව උදෙසා රුපියල් මිලියන තුනක ආරක්ෂිත ඇඳුම්,අත් වැසුම්,පා ආවරණ ජීවානුහරණ දියර ලබාදීමට කටයුතු කර ඇති බව ද ඒ මහතා පැවැසීය.

ඒ සඳහා ජයිකා ආයතනයෙන් රුපියල් මිලියන දෙකක් දරන බව සඳහන් කළ ඒ මහතා ඉතුරු මුදල වන රුපියල් මිලියනය බස්නාහිර පළාත් සභා මුදල් ප්‍රතිපාදන වලින් ලබාගත් බවද පැවසීය.



අදහස් (1)

නිරෝධායන නිවෙස්වලින් බැහැර කරන අපද්‍රව්‍ය කරදියානට ගෙන යන්න දින දෙකක්

බණ්ඩාර Sunday, 15 November 2020 11:28 AM

මේ නීති හදන අය ඉන්නේ ලංකාවේද? ඔය කියන විදිහටම මහජනයා කරයි කියලා හිතෙනවද? කරදියානට ගිහින් දාපුවාම එතැනින් අපේ ජල මුලාශ්‍ර වලට එකතු වෙනවා කියලා මේ නීති හදන අය දන්නේම නැද්ද? මේ කුණු එකතු කරන්නේ නැතිව එම ගෙවල් වලම පුච්චන්න කීවා නම් මීට වැඩිය හොඳ නැද්ද? අයිස් වෙලා තියෙන මොළය රත් කරලා විකල්ප ගැන හිතන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 527 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site