ඉන්දියාවේ ආසාදිතයන් මිලියන 9 ඉක්මවයි
ඉන්දියාවේ කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (20) මිලියන නවය ඉක්මවා ගියේය. අවසන් පැය 24 දී වයිරස ආසාදිතයන් 45,882 දෙනකු හඳුනාගත් බවත් ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 9,004,365ක් දක්වා ඉහළ ගිය බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිවේදනය කළේය.