(නිමන්ති රණසිංහ)

කොළඹ අයි.ඩී.එච් මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඇහැලියගොඩ පදිංචිව සිටි ආසාදිත මවක, ඇගේ අවුරුදු දෙකහමාරක පමණ වයසැති ආසාදිත පුතු ද  සමඟ මෙලෙස පලා ගොස් ඇත.

ආසාදිත මව ඇහැලියගොඩ පිහිටි ඇගේ නිවසට ගොස්, දරුවා නිවැසියන්ට භාර දී පලා ගොස් ඇති බවද, මේ වනවිට එම නිවාසේ සාමාජිකයන් නිරෝධායනයට යොමු කර ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඊයේ(19) රාත්‍රියේ මොවුන් පලා ගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

පලා ගිය ආසාදිත කාන්තාව සොයාගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වයි.