IMG-LOGO

තත්පර 17 කට වරක් යුරෝපයෙන් කොරෝනා මරණයක්

 

නව කොරෝනා වයිරසය හේතුවෙන් සෑම තත්පර 17 කට වරක්ම යුරෝපයේ අයකු මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය ප්‍රධානී වෛද්‍ය හාන්ස් ක්ලූජ් මහතා පැවැසීය.

කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් යුරෝපා මහද්වීපයේ ජාතික සෞඛ්‍ය පද්ධතිවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇතැයි ද හෙතෙම පැවැසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය ප්‍රධානී වෛද්‍ය හාන්ස් ක්ලූජ් බ්‍රහස්පතින්දා, එනම් ඊයේ (19) මෙම කරුණු සඳහන් කළ අතර ඒ වනවිට යුරෝපයෙන් වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 15.7 ඉක්මවා තිබිණි. මේ මාසයේදී පමණක් යුරෝපයෙන් වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන හතරකි. යුරෝපයෙන් මේ වනවිට වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 355,000කි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපීය සංවිධානය සාමාජික රටවල් 53කින් සමන්විත ය.සාමාජික රටවලින්, රටවල් 80කට වැඩි සංඛ්‍යාවකින් දෛනිකව ශීඝ්‍ර වේගයකින් වයිරස ආසාදිතයන් හමු වන්නේ යැයි ද වෛද්‍ය හාන්ස් ක්ලූජ් පැවැසීය.

‘‘රෝහල්වල ඇඳන් පිරෙමින් තිබෙනවා. වයිරස ආසාදිතයන් වැඩි වෙමින් තිබෙනවා. දැඩි සත්කාර ඒකකවල පහසුකම් ද සීමා වෙමින් තිබෙනවා. දැත් සත්කාර ඒකක රෝගීන්ගෙන් පිරෙමින් තිබෙනවා’’ යැයි ද හෙතෙම කීය.

යුරෝපා කලාපයේ රටවල ආණ්ඩු පැනවූ සීමාවලින් යහපත් ප්‍රතිඵලයක් අත් වී ඇතැයි ද ඔහු කීවේය. යුරෝපයේ රටවල් බොහෝමයක් පසුගිය සති කිහිපයේදී නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි සීමා පැනවීය.

මීට සති දෙක තුනකට කලින් සතියකට වයිරස ආසාදිතයන් මිලියන 2 ඉක්මවා වාර්තා වූ බවත් පසුව එම ගණන් අඩු වූ බවත් වෛද්‍ය ක්ලූජ් කීය. කෙසේ නමුත් පසුගිය සතියේදී වයිරස ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවත් අවසන් සතියේදී වාර්තා වී ඇති වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 1.8ක් බවත් ඔහු කීවේය.

‘‘එන්නත් කිහිපයක්ම සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බව අපට දැනගන්නට ලැබී තිබෙනවා. එය මේ වයිරසයට එරෙහිව යුද්ධයේදී විශාල බලාපොරොත්තුවක්’’ යැයි ද හෙතෙම කීය.

‘‘දැඩි ලොක්ඩවුන් සීමා පැනවීම අවසන් විසඳුම හා විකල්පයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. කොහොම නමුත් ලොක්ඩවුන් සීමා පැනවීමෙන් සිදුවන හානි වැඩියි. එවැනි සීමා ආර්ථික ප්‍රශ්න පමණක් නොව තවත් විවිධ අංශවල ප්‍රශ්න ඇති වෙනවා. මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටලු ඇතිවෙනවා. ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වෙනවා. මුඛ ආවරණ භාවිතය 95%ක් තරම් ඉහළ අගයක් ගන්නවා නම් ලොක්ඩවුන් කරන්න අවශ්‍ය නැහැ’’ යැයි ද වෛද්‍ය ක්ලූජ් කීවේය.

ලොක්ඩවුන් සීමා පනවා ඉතා ඉක්මනින් ඒවා ඉවත් කිරීමෙන් ද අහිතකර බලපෑමක් සිදු වන්නේ යැයි ද ඔහු කීය. එබැවින් ප්‍රජා සම්ප්‍රේෂණය සලකා බලා මට්ටම් සහ යම් ක්‍රියාවලියකට ලොක්ඩවුන් සීමා පැනවිය යුතු බව ද හෙතෙම පැවැසීය.පාසල් විවෘත කර තැබීම අත්‍යවශ්‍ය බව ද වෛද්‍ය ක්ලූජ් අවධාරණය කළේය.

‘‘දරුවන්ගෙන් වයිරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම අඩුයි. ඒ නිසා වයිරසය පාලනය සඳහා පාසල් වසා දැමීමේ අවශ්‍යතාවක් නැහැ. පාසල් වසා දැමීමෙන් ඵලදායී ප්‍රතිඵල අත් වෙනවා කියා සලකන්න බැහැ’’ යැයි ඔහු කීය.

පාසල් වසා දැමීම සම්බන්ධයෙන් සලකා බලන රටවල් එහි අහිතකර ප්‍රතිවිපාක, මානසික සහ සමාජ සුබසාධනය, විශේෂ අවශ්‍යතා අවශ්‍ය දරුවන් යනාදී කරුණු සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු යැයි ද වෛද්‍යවරයා කීවේය.

නත්තල සම්බන්ධයෙන් ද වෛද්‍යවරයා අදහස් දැක්වීය.

‘‘මේ පාර නත්තල බෙහෙවින් වෙනස්. එහෙත් සතුට නැතිවෙනවා කියන දේ එයින් අදහස් වෙන්නේ නැහැ. අපිට නත්තල සමරන්න පුළුවන්. හැබැයි එය වෙනස්. අපි සමාජ දුරස්ථභාවය තබාගෙන අන්තර්ජාලය හා විඩියෝ තාක්ෂණය ඔස්සේ රාමසාන් සහ දීපවාලී උත්සව සැමරුවා’’.

රොයිටර්/ඒ.එෆ්.පී.

055  



අදහස් (0)

තත්පර 17 කට වරක් යුරෝපයෙන් කොරෝනා මරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 66 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 978 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site