ෆයිසර් සහ බයෝ ඇන් ටෙක් සමාගම් ද්විත්වය සංවර්ධනය කරන එන්නත සහ කියෝවැක් සමාගම සංවර්ධනය කරන එන්නත මිලදී ගැනීම සඳහා තවත් අමතර ඩොලර් බිලියන 10ක් ගෙවීමට යුරෝපා සංගමය තීරණය කර ඇත.
තවත් තවත් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ අරමුණින් යුරෝපා සංගමය එලෙස මුදල් වෙන් කර ඇතැයි එම කටයුත්තට සම්බන්ධ නිලධාරියෙක් රොයිටර්ස් පුවත් සේවයට පැවැසීය.
ෆයිසර් සහ බයෝ ඇන් ටෙක් සමාගම් ද්විත්වය සංවර්ධනය කරන එන්නතේ, එන්නත් මාත්‍රාවකට යූරෝ 15.50ක් (ඇමෙරිකානු ඩොලර් 18.34ක්) ගෙවීමට යුරෝපා සංගමය එකඟතාව පළ කර ඇතැයි ද එම නිලධාරියා කීය.
ඒ අනුව එම එන්නතේ මාත්‍රා මිලියන 200ක් ලබාගැනීම සඳහා ආසන්න වශයෙන් යූරෝ බිලියන 3.1 මුදලක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක මුදලක්) වැය වේ. මෙම නව ගිවිසුම යටතේ තවත් එන්නත් මාත්‍රා මිලියන 100ක් ලබාගත හොත් ඒ සඳහා වැය වන මුදල යූරෝ බිලියන 4.65කි.
කියෝවැක් සමාගමෙන් එන්නත් මාත්‍රා මිලියන 225ක් ලබාගැනීම සඳහා එක් මාත්‍රාවකට යූරෝ 10ක් ( ඇමෙරිකානු ඩොලර් 11.84ක මුදලක්) ගෙවීමට යුරෝපා සංගමය මීට පෙර එකඟතාව පළ කර තිබිණි.
වට්ටමක් යටත්ව එක් එන්නතකට එම මුදල ලබාදීම සඳහා යුරෝපා සංගමය සහ අදාළ සමාගම අතර එකඟතාව ඇති කරගෙන තිබේ. කෙසේ නමුත් එක් එන්නත් මාත්‍රාවක වෙළෙඳපොළ මිල යූරෝ 12ක් යැයි එම සමාගම නිවේදනය කර ඇත.
ඒ.එෆ්.පී./රොයිටර්
055
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කොරෝනා එන්නත මිලදී ගැනීමට අමතර ඩොලර් බිලියන 10 ක්
banda Friday, 20 November 2020 09:42 PM
අපිට කොහෙන්ද අනේ මෙපමණ මුදලක්... අපේ දුම්මුට්ටිය අපිට හොඳා...