ඡන්දය එකම දිනයේ තියන්න විකල්පයක් ගැන කැෆේ කියයි
ජනමත විචාරණයකින් තොරව නැගෙනහිර, උතුරු මැද හා සබරගමුව පළාත් සභා ඡන්ද විමසීම් කල් දමා ගැනීමට ඉදිරිපත් කළ 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉටු නොවන්නේ නම්, ඉන් අධෛර්යයට පත් නොවී ලංකාවේ සියලූම පළාත් සභා ඡන්ද එකම දිනක පැවැත්වීමට ඇති විකල්ප පිළිබඳ ජනපති - අගමැති දෙපල වහා අවධානය යොමු කළ යුතු යැයි කැෆේ සංවිධානය පවසයි.