(ඩයනා උදයංගනී)
බුදුරජාණන් වහන්සේට නිගා කිරීම, බුද්ධ ධර්මය විකෘති කිරීම හා පිළිගත් බෞද්ධ සංස්කෘතික සම්ප්‍රදායන් අවමානයට ලක්කිරීම ආදිය වළක්වාලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ විග්‍රහයක් ලබාගෙන එය බලාත්මක කිරීමට පියවර ගන්නැයි ඉල්ලා බුද්ධශාසන කාර්ය මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කර තිබේ.
එහි සමලේකම්වරුන් වන තිරිකුණාමලේ ආනන්ද අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහ නා හිමියන්ගේ සහ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන්ගේ අත්සනින් ජනාධිපතිවරයාට යොමු කර ඇති එම ලිපියේ මෙසේ ද සඳහන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා පන්සල්වලින් පටන් ගත යුතු දේවල් . අවරුදු 18 අඩු ළමයින් සාසනයට බන්දවගැනීම තහනම්කිරීම ...( බාලවයස්කරයන් දුෂණය අත්හිටවීම ) මෙන්න මෙතනින් පටන් ගත්තනම් තව හුඟක් බුද්ධ විකෘතියන් වලකාගැනීමට හැකි වේවි .
ඇත්තෙන්ම මෙය හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා ක්‍රියාකලයුතුයි. අනාගත ලෝකයේ දීර්ඝ කාලීන සාමකාමී පැවැත්ම බුදුදහම නිසා පමණක් සිදුවෙනු ඇත.
කාලෝචිත ප්රයත්නයක්. යහපතක්ම වේවා !
අද සමහරක් "කලාකරුවන්" යයි කියාගන්න අය, තම කෘතීන් වෙලදාම් කර ගැනීම සඳහා පහත් පෙලේ උපක්‍රමයක් ලෙස තම කෘතීන් වලට අන්දොලත්මක මාතෘකා යොදා ගන්නට තැත් කරමින් සිටී. එම මාතෘකා වලින් බුදු සමයට යම් අපහාසක් වේ නම්, එවැනි කෘතීන් තහනම් කිරීම රජයේ වගකීමක් යයි සිතමි. එමෙන්ම සදාචාරාත්මක වගකීමක් ඇති ප්‍රේක්ෂකයින් මෙවැනි කෘතීන් සඳහා අනුග්‍රහ දැක්වීම ප්‍රතික්ෂේප කරනු ඇතැයිද සිතමි.
ලෝකයේ තේරවාදී බුදුදහම මුලිකවම ආරක්ෂා කරමින් සිටින රට ශ්‍රී ලංකාවය. බුදුරජාණන්වහන්සේගේ අමිල බුදුදහම වෙනස් කිරීමට කිසිවකුට බැරිය.පසුගිය වසර කිහිපයක සිට උගත් බුද්ධිමත් භික්ෂුන්වහන්සේලා කිහිප නමක් විසින් බුදුදහමේ ගැඹුරු හරය, සත්‍ය සොයාගොස් එහි නියම අර්ථය සරලව ගිහියාට පහදා දෙමින්සිටි. ලංකාවේ පමණක් නොව ලොවපුරා ප්‍රචාරය වෙමින් තිබෙන නිසා ලොවපුරා සිටින නැණවත් බෞද්ධ ගැඹුරු ධර්මය, බුදුදහමේ ගැබුරු හරය පිළිබද මෑත යුගයේ අවධානය යොමුකරමින් සිටි. එයටත් අකමැති බෞද්ධයන් ද සිටිනබවක් පෙනේ. මේ පිලිබදව ඉවසීමෙන් සහ ගැඹුරින් සොය බැලීම රජයේ වගකීමක් සහ යුතුකමකි. භික්ෂුන්වහන්සේලාට සමජසේවය කලහැක්කේ බුදුදහම මුල්කොට නියම යථාර්තය සමාජයට අවබෝද කරවිමෙන්ය. එසේ නොකොට සමහර බික්ෂුන්වහන්සේලා චීවරයේ සිටිමින් බුදුධර්මයේ සීමාවන්ට පරිබාහිරව ක්‍රියා කිරීම කණගාටුවට කරුණකි. ත්‍රි නායක බික්ෂුන්වහන්සේලා විසින් සාකච්චා කොට සමාජයේ බුදුදහමට තිබෙන ගරුත්වය ආරක්ෂා කර ගැනීමට එකමතයක නොසිටින නිසා, NGO පවා බුදුදහමට අතපොවන්නට පටන් ගෙන තිබීම කාගේ වරදක් නිසා සිදුව තිබේද කියා භික්ෂුන්වහන්සේලා විසින්ම ඉතා ගැඹුරින් සොයාබැලීම වටි.
බුද්ධ දර්ශනය කුමක්ද කියා ලිඛිතව උසාවිය දැනුවත් කර ඉන් පරිබාහිරව හැසිරේන භික්ෂුන් වහන්සේලා සදහා උසාවිය මගින් උපසම්පදාව ඉවත්කර වසල නිකාය නැමනි නිකායක් සකසා එහි ලියාපදිංචි කර ප්‍රසිද්දියට පත්කල යුතුය
මඤ්ජිම නිකාය "අලගද්දුපම සුත්‍රය" මහණෙනි, අන් අය තථාගතයන්ට නින්දා කරති, පරිභව කරති, ගැටෙති, එහිලා තථාගතයන් වහන්සේට වෛරයක් නැත. නොසතුටක් නැත. අන් අය තථාගතයන් හට සත්කාර කරති, ගරුකාර කරති, පුදති. පිළිබඳව තථාගතයන්ට සතුටක් නොවෙයි, සොම්නසක් නොවෙයි, සිත් ඉල්පෙන බවක් නැත. "බෝ මැඩදී පිරිසිඳ දැනගත් මේ පංචස්කන්ධයට මෙවැනි සත්කාර කරති " කියා සිතෙයි. එබැවින් මහණෙනි, ඔබලාටත් අනුන් නින්දා පරිභව කරනවා නම්, ඔබලාත් එහිදී වෛරයක්, නොසතුටක් දොම්නසක් ඇති නොකළ යුතුය. අනුන් ඔබලාට සත්කාර ගරුකාර පූජා කරනවා නම් එහිදී සතුටක් සොම්නසක් උපදවා ගැනීම නොකළ යුතුය. එම සුත්‍රයේ තවත් තැනක මෙසේ දේශනාකර ඇත. " එමෙන්ම මහණෙනි, මම පහුර උපමා කොට ධර්මය දේශනා කරන්නෙමි. ඒ එතෙරවීම පිණිසයි... ගැනීම පිණිස නොවේ. " එවන් වූ උතුම් බුද්ධ දේශනාවේ හරය වූ අභිධර්මය පරිශීලනය නිවැරදි දහම හෙළි පෙහෙළි කරනු ඇත.
මේවා කරන්නේ ලිබරල්වාදීන් විසින්. මේ ගොල්ලෝ හැම රටකම වගේ ඒ රටක ප්‍රධාන ආගමට අපහාස කරනවා. බටහිර රටවල ක්‍රිස්තියානි ආගමට, පෙරදිග රටවල බුද්ධාගමට, ඉන්දියාවේ නම් හින්දු ආගමට. අරාබි රටවලත් මේක වෙනවා. නමුත් අරාබි ජාතිකයින් ඉස්ලාම් ආගම රැකගෙන ඉන්න නිසා, මේ ගොල්ලන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්න නිසා මේ ගොල්ලෝ ඉස්ලාම් ආගමට අපහාස කරන්නේ නෑ. නමුත් අනෙක් රටවල පාලකයන් තමන්ගේ ආගමට වැඩියේ ආදරේ නෑ, ඒක නිසයි මේ ප්රශ්නය. රටට, ජාතියට, ආගමට ආදරය කරන නායකයෝ මේ ගොල්ලන්ට ඕනෑ විදියට නටන්න දෙන්නේ නෑ...
බුද්ධ ධර්මය විකෘර්ති කරමින් ශාසනය විනාශ කරමින් සිටින්නේ විකෘර්ති මනසක් ඇති සමහරක් චීවරධාරීන් මිස, වෙන කවුද? පන්සල දේශපාලන වේදිකාවක් බවට පරිවර්තනය කරගෙන ඉන්න පිරිස්. පොතක පිටකවරයකින් බුද්ධ දර්ශනය විකෘර්ති වේ යයි සිතන පිරිස්
මනස විකෘති අය විසින් ලියන ලද පොත් කියවන්නෙත් මනස විකෘති අයම තමයි. මනස විකෘති අය නිෂ්පාදනය කරන නාට්‍ය බලන්නෙත් මනස විකෘති අයම තමයි. බුද්ධ දර්ශනය සැහැල්ලුවට ලක්කරන අය එම විපාකය අන්තයටම විඳිනවා. ඒක වලක්වන්න අපි කාටවත් බැහැ. රවී මහත්තයා කියලා තිබ්බා වයස අඩු අය මහන කිරීම හොඳ නැති බව... මහත්තයෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදියට පොඩි ළමයෙකුට කපුටෙක් එළවන්න පුළුවන්නම් එම දරුවා මහණකමට සුදුසුයි. මහණ වෙන්න බොහොම පිනක් සහ වාසනාවක් තියෙන්න ඕනෑ. රටක නීතිවලින් විමුක්තිය හොයන එක පාලනය කරන්න බැහැ. පිට රටවල ඉන්න ප්‍රඥාවන්ත අය බුදුදහම හොයාගෙන අපේ රටට ඇවිල්ලා මහණවෙලා විමුක්තිය හොයනවා. අපේම අය එම වැදගත් දර්ශනය සැහැල්ලුවට ලක් කරගෙන පව් පුරවා ගන්නවා.