(රංජන් කස්තුරි)
කොළඹ මහනගර සභාවේ අද (24) පැවැති මාසික රැස්වීමේදී ගාලගෝට්ටි හා බාධා කිරීම් මැද මන්ත්‍රී දීමනාව රුපියල් 20,000 න් ඉහළ නැංවීමේ යෝජනාව සම්මත කෙරිණි.
නගරාධිපති රෝසි සේනානායක මහත්මිය ඉදිරිපත් කළ එම යෝජනාව සම්මත වූ පසු කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුගේ සියලු දීමනා රුපියල් 34,000 සිට 54,000 දක්වා ඉහළ යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැන්ද ඇති අය බෙදා ගන්නවා. ජනතාවට කරන දෙයක් නැහැ. හැබැයි ජනතාවත් මාරුවෙන් මාරුවට කතිරේ ගහනවා.
අහන්නත් සන්තෝෂයි. මොනවා වැඩි කර ගත්තත් කමක් නැහැ. කටු සූප්පන කුක්කන්ට වෙලාවට කටු ටික දමන්න.
කොමිස් ගහන, කප්පන් ගන්න, කාමර විකුණන මැම්බර්ලාට නම් මේක තේ කෝප්පයක් විතරවත් වටින්නේ නැහැ. නමුත් වෙන කිසිම අාදායමක් නැති අයට මේක රත්රන් වගෙයි.
ජය වේවා !!! අපේ නගරාධිපතිතුමියට
මොන මොන සෙල්ලම් දැම්මත් මේකට නම් හැමෝම අපිට එපා කියන්නේ නම් නැහැ.
මැති ඇමැතිලාට සැප වාහන සහ සැප නිල නිවාස, අධීක්ෂණ මන්ත්‍රීලාට මාසික ලක්ෂ දෙක බැගින් දීමනා, බස්නාහිර මන්ත්‍රීලාට සැප පුටු, උෟව මන්ත්‍රීලාට රුසියානු සංචාර, රෝසි නෝනාට ලක්ෂ 57 සැප වැසිකිලි, දැන් මන්ත්‍රීලාට රුපියල් විසිදාහේ අමතර දීමනා. මේවා සේරම සහිත ගෑස් මිල වැඩි කළා සහ රටට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය බාල්දුකළා. මොන තරම් වටිනා ආණ්ඩුවක්ද මේක...?
කාපල්ලා! මේ අපේ මාංසයයි! බීපල්ලා! මේ අපේ රුධිරයයි!!
අනේ කොච්චර දෙයක්ද? මේ ආණ්ඩුව මොනවා නැතත් දේශපාලකයන්ගේ මඩිය නම් තර කරලා දෙනවා.
කොළඹ නගර සභාවේ වාර්ෂික අදායම රුපියල් මිලියන 20,000ක පමණ තියනවලුනේ, මැඩම් ඕක දකින්න ඇති... කට්ටිය බෙදාගනීවි ටිකටික ඔක්කොම, බේරේ වැවේ ප්‍රශ්නයට වඩා ඕකනේ වැදගත්...
දැන් මේ අහිංසක දේශපාලකයෝ ටිකත් උපයන විට බදු ගෙවීමේ ආදායම් සීමාවට අත් වෙනවා. මෙයාලත් බදු ගෙවයිද? ඔන්න පේනවනේ ජනතා සේවයේ තරම...
රෝසමලේ නටුවෙ කටු...
මිනිස්සුන්ගෙන් හූරලා අරගන්න බදු බෙදා ගනිල්ලා.
අනේ මෙයාලට අපි නිකම් කෑම බීමත් දෙන්න ඕනේ... ලංකාවේ හැම කඩයක්ම මෙයාලට නොමිලේ අාහාර සපයන්න ඕනේ.. මොකද මෙයාලා හොඳ සේවයක්නේ රටට කරන්නේ... මම මගේ රෙස්ටුරන්ට් එකේ ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නියෝජිතයන්ට පක්ෂ පාට බේදයකින් තොරව නොමිලේ අාහාර දෙනවා.
විශිෂ්ඨ තීරණයක් රෝසි මැතිණියනි....
අයියෝ කෝ මේ ලක්ෂ 62. ආ.... අමතක වුනානෙ. දැන් මේ වැඩි වෙච්ච ගාන ඒගොල්ලො හොයනවා ඇති බදු විදියට ගෙවන්න.
2018 මැයි නිකුත් කළ විගණන වාර්තාව අනුව මීතොටමුල්ල කුණු කන්දට යටවෙලා මැරුණු 32 දෙනාගේ මරණයට හේතුව කොළඹ නගර සභාවේ නොසැලකිල්ලයි. බොලාට ඔච්චර සල්ලි වැඩිවෙලා තියනවා නම් මැරුණු මිනිසුන්ගේ පවුල්වලට තව කීයක් හරි දෙන්න බැරිද? මොන සොච්චම් වන්දියක්ද එයාලට දුන්නේ?.
තව පඩි වැඩි කරගන්න. කන්න පින තියන අය වත් මේකේ කාලා, ඇඳලා සතුටින් ජීවත් වෙන්න ඕනෑ.. අනිත් එවුන් කල පව් ගෙවෙන්නත් එක්ක දුක් විඳපුදෙන්! කරුමක්කාරයෝ නැති ප්‍රශ්නයක් හෝ ඇති කරගෙන පව් ගෙවන එක මේ රටේ සාමාන්‍ය දෙයක්... එය සාමාන්‍ය ජනතාවටත් වදයක් වෙලයි තියෙන්නේ. පින්වත් දේශපාලකයින්ට ජයවේවා!!!
මේ දේවල් වලට වගකියන්න වෙන්නේ අපිටම තමයි .. මන්ද මේ අය දන්නවා අපි ඊළඟ පාරත් ඡන්දය දෙනවා කියලා. එ්ක නිසා කොළ පාට, නිල් පාට අමතක කරපල්ලා... අලුත් ගමනක් යන්න හොයපල්ලා... නැත්නම් අපේ ළමයිවත් විකුණනවා අනිවාර්යයි...