ඉස්ලාමාබාද්හිදීය (ටයිම්ස් ඔෆ් ඉන්දියා)
ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ සියලු රජයේ නිලධාරීන් ගුවන් ගමන්වල යෙදීමේදී රජයේ මුදලින් පළමු පන්තයේ ගමන් තහනම් කිරීමට පකිස්ථාන නව ආණ්ඩුව තීරණය කර තිබේ.
ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී එම තීරණය ගෙන තිබේ.
නායකයන්ට සහ නිලධාරීන්ට අභිමතය පරිදි රාජ්‍ය මුදල පරිහරණය කිරීම තහනම් කිරීමට එම කැබිනට් හමුවේදී තීරණය වී තිබේ. ඒ අනුව පාකිස්තාන ජනාධිපතිවරයාට, අගමැතිවරයා ඇතුළු නායකයන් සහ සියලු රාජ්‍ය නිලධාරීන්ට ගුවන් ගමන්වලදී පළමු පන්තියේ ගමන් කිරීම තහනම් කර ඇත.
ඉම්රාන් ඛාන් පසුගිය සතියේදී පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර රාජ්‍ය වියදම් සීමා කරන, අනවශ්‍ය වියදම් කපා හරින ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව එහිදි ප්‍රකාශ කළේය. ඔහු තම කාර්ය මණ්ඩලය අඩු කරන බවට ද ප්‍රකාශ කර ඇති අතර නිල නිවාසවල සිටීම ද ප්‍රතික්ෂේප කර තිබේ.
නිල නිවාස අධ්‍යාපන මධ්‍යස්ථාන බවට පත් කරන බව ද හෙතෙම කීවේය.
(055)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමසිල්ලෙන් බලා ඉන්න අපේ කට්ටියට හොඳ ආදර්ශ ගන්න පුළුවනි. හැබැයි ඉතින් ගන්නේ නැති එක තමයි අවුල. රටට ආදරයක් තියනවා නම් අපි මීට කලින් ඕවා කරලා. මොනවා කරන්නද ඉතින්...? අපිමනේ ඡන්දෙ දීලා පත්කර ගත්තේ...
මෙයත් කෙහෙල් කොලේ කාලා පරිප්පු කන්න යන්නේ. දූෂණය නැති කරන්න. ජනපති, අගමැති තනතුරු ගරුත්වය රකින්න ඕනේ...
ඔබට තම රට දියුණු කිරීමට සෑම අතින්ම ශක්තිය ලැබේවා... අප රටේත් ඉන්නා වූ අනේකවිද මහජන නියෝජිතයන්ටත් මොහුගේ ක්‍රියාකලාප ආදර්ශයට ගැනුමට " මොලයක් තිබේ නම් " එය පෑදේවා යන්න අපගේ එකම ප්‍රාර්ථනයයි.
ඒ මොනවා වුණත් පදවි ප්‍රාප්තියට අත්සන් කලේ කාබන් පෑනෙන් නෙවෙයිනේ..
එකට අපේ හිටපු අය. මැතිවරණයට නාම යෝජනා දුන්නු දාට පහුවෙනිදා තිරුමාලා දෙයිහාමුදුරුවන්ට බාර හාර වෙන්න ගියෙත් ගුවන් යානයක්ම අරගෙන යාළුවො රොත්තක්ම පටවා ගෙන.... අතින්, පයින් ගිය වියදමක්යැ ඉතින්.
අපේ එක්කෙනෙක් ජනපති පදවි ප්‍රාප්තියට රුපියල් 6000ක් පමණක් වැයකළ බව කියලා මහා අණබෙරයක් ගැහුවා ඉස්සර. දැන් හැමදාම පාර්ලිමේන්තුවේ යාලුවෝ ටිකට දීමනා වැඩිකරගන්නවා දහස් ගණන් වලින් සද්ද නැතුව...
මේ අපිනම් ඔය වගේ මෝඩ වැඩ කරන්නේ නැහැ. මහජනයා ඕන විදියකට බර කරත්තෙන් හරි ගියදෙන්. මටයි, අපේ සෙට් එකටයි අධි සුඛෝපබෝගී වාහන, පළමු පන්තියේ ගුවන් ටිකට්පත් නැතුව බැහැ.. ආ අපිට තව පඩි වැඩි කරගන්නත් තියනවා.. මේ ඔක්කොම වැඩ අවුල් වෙනවනේ.. ඔයා කරන වැඩ නිසා ඉම්රාන් ඛාන් මල්ලි...
ඕක අපේ රටේ ක්‍රියාත්මක කරන්න නම්, හාමිනේලා නැන්දම්මලා සතර පේරුවේ ඥාතින්, දුවාදරුවන් සහ ඔවුන්ගේ නිලනොලත් සහකරුවන්, බාල මස්සිනාලා, වෙන්ඩ නෑනලා, නැටුම් කණ්ඩායම්, රුපලාවන්‍ය ශිල්පීන් ආදී කොට්ටාශයන්ද ඇතුළත් කිරීම මැනවි.
අපේ නායකයෝ කී දෙනෙක් ක්‍රිකට් ගහලා තියෙනවාද? අනික් අතට බලාගෙන ගියාම ක්‍රිකට් අධිරාජ්‍යවාදීන්ගේ ක්‍රීඩාවක්නේ. අපේ අයට පුළුවන් ඉතින් එළියට යන බෝල අහුල අහුලා ඉන්න තමයි.
පශ්චාත් භාගය රනින් නිමැවුණු අපේ පළාත් සභා නියෝජිතයින්ට සාමාන්‍ය ගුවන් ගමන් බැරිවෙනවා.
මෙහෙත් ඉතින් අපේ කට්ටිය මුලදීම ඔහොම කියලා තමා පටන්ගත්තේ. වියදම් කපා හරිනවා කිව්වා, පිටරට සවාරි වලට මෙගා ටීම් ගෙනියන්නේ නැහැ කිව්වා, තව තව දේවල් කිව්වා. පාකිස්තානේ කොහොම වේවිද කියලා බලමු.
ඉරානයේ හිටපු ජනාධිපතිත් මේ විදියටම එයාට හිමි සුඛෝපභෝගී දේවල් සියල්ලම අතහැරලා ඉතාම සරල ජීවිතයක් ගතකළා. ඔහු කිව්වේ ජනාධිපති තනතුර බාර ගන්නකොට එයාගේ බැංකු ගිණුමේ ශේෂය ඩොලර් 2000යි, තනතුරෙන් යනකොටත් ඩොලර් 2000 මයි.
අපේ රටටත් අවශ්‍ය මේවගේ තරුණ නායකයින්... නමුත් තරග වදින්නේ හොරකම් කරලා, මිනීමරලා, පැරදිලා... වයසට ගිය මහල්ලන්... අපිටත් ඉන්නවා හොඳ තරුණ, අනුන්ගේ දේපලවලට කෑදර නැති බුද්ධිමත් තරුණයින්. කරුණකරලා මෙවර නැගී සිටින්න තරග වදින්න. මහල්ලන්ට මතකයිද කියනදේ...? සම්පූර්ණයෙන් අමතකයිනේ... එහෙම අය රට පාලනය කරන්නේ කොහොමද?
අපේ අයට ඕනේ ගුවන් යානය පදවාගෙන යන්න...
ඔහු ලෝක කුසලාන 92 දී හොඳ නායකයෙකු ලෙස ඔප්පු කර ඇත !!!
ඔහු 92 දී ලෝක කුසලාන හොඳ නායකයෙකු ලෙස ඔප්පු කර ඇත.
මේ වගේ වැඩ නිසා, ලක්ෂ හයාමාර ගානේ පුටුගන්න මම දාපු අැණවුමටත් තට්ටුවෙනවා. ඔයා කරන වැඩ නිසා අපි කොහොමද රෙදි ඇඳගෙන පාරේ යන්නේ ක්‍රිකට් අයියේ...
අපේ කට්ටියටත් ඔය වගේ අදහස් පහළවෙනවා. විපක්ෂයේ ඉන්න කොට බලේ ලබුණාමනේ මොලේ අවුල් වෙන්නේ...
මෙහෙ නම් ලක්ෂ 57කට වැසිකිළි හදන්නයි, මන්ත්‍රීලාට ලක්ෂ 3 යි, කෝටි ගාණක බදු රහිත වාහන පර්මිට් එකයි. මොන සැපද?
පාකිස්තානේ අගමැතිතුමාට කියපු දේවල් කරන්නම වෙනවා. නැතුව බැහැ. හැබැයි අපේ රටේ පුළුවන්... මෙහෙ ඉන්නේ දේශපාලන මෝඩයින් මොකුත් දන්නේ නැහැ. ඒකයි හොරකම් කරන්නේ බය නැතුව....
අපේ නම් සහෝදරවරුත් යන්නේ ව්‍යාපාරික පන්තියේ.
ලෝක කුසලාන දිනන ඔකොටම දේශපලනය කල නොහැකි
ඒකට අපේ රටේ විශ්‍රාම ගිහිනුත් දේශපාලකයා රටේ මහජතාව බහුතරයක් ජීවත්වීම සඳහා අසීමීත වෙහෙසක් දරද්දී සිත්සේ අසීමීත සැප සම්පත් මහජන මුද්ලින් භුක්තිවිදී මේ පරපුටුවන්ගෙන් තොර ශ්‍රි ලංකාවක් කවදා අපට ලැබේවිද?
මෛත්‍රී, රනිල් පුළුවන් නම් ඔන්න වැඩ කරලා පෙන්නන්න.