(මහින්ද නිශ්ශංක)
ගෑස් සඳහා වන මිල සූත්‍රය නැවත හඳුන්වාදීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත.
ලබන මස මැද භාගයේදී පමණ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන මෙම ගෑස් මිල සූත්‍රය සඳහා ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් කැමැත්ත පළ කර ඇතැයි පාරිභෝගික අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
2013 පමණ වන තුරු ගෑස් සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක වුවද විවිධ හේතූන් මත එය දිගටම ක්‍රියාත්මක නොවූ බව පැවසූ එම නිලධාරියා පසුගියදා පැවති ජීවන වියදම් කමිටු රැස්වීමේදී නැවත ගෑස් සඳහා මිල සූත්‍රයක අවශ්‍යතාව පෙන්වාදීම අනුව මෙවර ගෑස් මිල සූත්‍රය ගෙන එන බව කීය.
මෙවර ගෑස් සමාගම් දෙකටම පොදු මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව පැවසූ එම නිලධාරියා ලෝක වෙළෙඳපොළේ මිල ගණන්, බෙදාහැරීම්, ගබඩා කිරීම් හා පිරිවැය අනුව මිල සූත්‍රය සැකසීම පිළිබඳ පාරිභෝගික අධිකාරිය මහා භාණ්ඩාගාරය හා ගෑස් සමාගම් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ගෑස් වලින් ගෙදර කෑම පිසුවට කන්න ගන්නේ දර පෝරණු පාන්ම තමයි...