( ශිරාන් රණසිංහ)
මෙවර පාසල් පෙළ පොත් මුද්‍රණ කටයුතු පෞද්ගලික මුද්‍රණාල වෙත ලබා දීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය නිසා රජයට රුපියල් මිලියන 4800 ක් පමණ අහිමි වී ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලිං මහතා පැවසීය.
අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් මෙම පෙළපොත් මුද්‍රණය කිරීමට හැකියාව තිබියදී පෞද්ගලික මුද්‍රණාල වෙත එය ලබා දීම පිළිබඳව සොයා බැලිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.
මෙවර පාසල් පෙළ පොත් වර්ග 410 ක් මුද්‍රණය කිරීමට නියමිතව ඇති බවත් ඉන් පෙළ පොත් වර්ග 386 ක්ම මෙලෙස පෞද්ගලික මුද්‍රණාල වෙත භාර දී ඇත.
පාසල් පෙළ පොත් මුද්‍රණය කිරීමට යැයි කියමින් රුපියල් මිලියන 84 ක මුදලක් වැය කරමින් මුද්‍රණ නීතිගත සංස්ථාව නවීකරණය කළ බවද හෙතෙම සඳහන් කළේය.
රජයේ මුද්රණණාලයේදී පෙළපොත් මුද්‍රණය කළ හැකිව තිබියදී එම කටයුතු පෞද්ගලික අංශයට ලබා දීම නිසා රජයට මෙම පාඩුව සිදු වී තිබේ.
මේ පිළිබඳව ලංකා ගුරු සංගමය ජනපතිටද පැමිණිලි කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙළ පොත් මුද්‍රණය රජයට දීමෙන් නොවේ, පෙළපොත් මුද්‍රණය පුද්ගලික අංශයට දීමෙනුයි පාඩු වී තිබෙන්නේ. කෙසේ වුවද මෙය පැහැදිලි ලෙසම කොමිස් සඳහා කරන ලද්දක් වගේ...
සලකා බැලිය යුත්තේ රජයෙන් වේවා, පුද්ගලිකව වේවා දරුවන්ට නිසි වේලාවට පෙළ පොත් මුද්‍රණය කර දිය හැකිද යන්නයි. රජයේ මුද්‍රණාලයෙන් අඩු මිලට මුද්‍රණය කළ හැකිද යන්න කිව හැක්කේ වෘත්තීය සමිති වැඩ කරනා එ්කාධිපතියෙකුගේ නම් සොරකම් කළ අයෙකුට නොව රජයේ මුද්‍රණාලයටයි.
කවුරුහරි හොඳ "පොතක්" දාන්න වගෙයි හදන්නේ. විශාල කුට්ටියක් සංවිධානාත්මකව කිහිප දෙනෙක් අතරේ බෙදාහදා ගන්න කරපු මගඩියක්. මෙහෙම ගියොත් අන්තිමේදී පෞද්ගලික මුද්‍රණාල මගින් අච්චු ගසා බෙදාහරින පෙළ පොත් මිලට ගැනීමට විශාල මුදලක් ගෙවන්න වෙන්නෙත් අසරණ දෙමාපියන්ටමයි. මේ පිළිබඳව ලංකා ගුරු සංගමය ජනපතිටද පැමිණිලි කරන්න ඉස්සරවෙලා, විෂයභාර ඇමතිවරයාට දැනුවත්කරොත් නරකද? ජනාධිපතිතුමාට වෙන වැඩ නැද්ද, අනුන්ගේ "පොත්" භාරගෙන කියවනවාට වඩා ?
පුවතත්, ශිර්ෂ පාඨයත් එකිනෙකට හාත්පසින්ම වෙනස් නොවේද?
මෙයා රෙජීමයේ අවුරුදු 10 කොහේද අප්ප හිටියෙ ? දැන්නම් හැමදාම නිව්ස්වල ඉන්නව.
අනුන්ගෙ වෑරදි හොයන්න ඉස්සරවෙලා තමන්ගෙ වෘතියෙ වෑරදි හොයාල බලලා ඒක හරි මාර්ගෙට ගන්න.