(කටුනායක ටී.කේ.ජී.කපිල )
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සිංගප්පූරුව හරහා වියට්නාමය බලා අද (25) අලුයම පිටත්ව ගියහ .
ඔවුන් සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.469 දරන ගුවන් යානයෙන් අද (25) අලුයම 1.10ට පමණ සිංගප්පූරුවට ගොස් එතැන් සිට වියට්නාමය බලා පිටත්ව යෑමට නියමිතය .
මෙම සංචාරය නිමවා 28 වැනිදා (අඟහරුවාදා) දින ආපසු පැමිණීමට නියමිතය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබගමන් අගමැතිතුමාණි, මම රටේ පුරවැසියකු හැටියට ඔබතුමාට නිදුක් නිරොගි, නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා.
මට දැන් යන්න බැරිවුනේ මතුරට සහ රජරට විතරයි. ඒ රටවල් දෙකට ගිහින්ම වැලිගම යන්න තමයි බලාපොරොත්තුව...
අයියා .... දුප්පත් අපේ සල්ලි හොරා කාපු අපේ යාළුවා මුණ ගැහෙනවනේ කොහොමත්... ඉතින් අපි එයාගේ ආදරණිය මෑණියන්ද ඉතාම ආදරයෙන් මතක්කළා කියන්න හොඳේ. අමතක කරන්න එපා හරියැ...
අර කල්‍යාණ මිත්‍රයා "තමාට එරෙහිව ඇති චෝදනාවලට අදාළ සාක්ෂිවල සහ ශ්‍රී ලංකා අධිකරණයෙන් නිකුත් කර ඇති වරෙන්තුවේ පිටපත් ලබා දෙන ලෙස ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයෙන් ඉල්ලා ඇති" කොළ කෑල්ල ගිහිල්ල දෙන්න නේද ඔය යන්නේ?
මිනිස්සු හෙන ඉල්ලන විදිය දැක්කහම ආයිමත් යහතින් එන්න ලැබෙයිද කියල තමා සැක... හැබැයි ඉතින් දිට්ඨධම්මවේදනීය කර්මය පටිසන් දෙද්දී මොන රටේ හිටියත් වැඩක් නම් වෙන්නේ නැහැ.
මේ අගමැති නොවෙයි "සේල්ස් රෙප්" කෙනෙක්. රටවල් ගානේ ඇවිද ඇවිද රටේ කෑල්ලෙන් කෑල්ල විකුණලා සල්ලි ගන්නවා."සේල්ස් රෙප්" ලාටත් විකුණන කෑලි ගාණ අනුව කොමිස් එක ලැබෙනවා. විකුණන තරමට සාර්ථක රෙප් කෙනෙක්.
අපේ රටේ තිබෙන සම්මන්ත්රණ, ප්‍රදර්ශන ඔක්කොම ටික ඉවර වුණාම මෙතුමා පිටරට යනවා. ගිහිල්ලා එහෙ සම්මන්ත්‍රණයක් අමතනවා.