(රංජන් කස්තුරි)
පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප කෙරුණු පළාත් සභා සීමා නිර්ණ වාර්තාව සකස් කිරීම සඳහා රුපියල් ලක්ෂ 212කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණයවී ඇත.
පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පස් දෙනකුගෙන් යුත් කමිටුවේ සියලු වියදම් වෙනුවෙන් එම මුදල් වැය කර තිබෙන බව පාර්ලිමේන්තු වාර්තා සඳහන් කරයි.
පුද්ගල පඩිනඩි, ගමන් වියදම්, සැපයුම්, නඩත්තු, සේවා කටයුතු, කාර්යාල උපකරණ, වාහන, යන්ත්‍රෝපකරණ, මෘදුකාංග වර්ධනය, සේවක පුහුණුව හා චර්යා වර්ධන ආදී කටයුතු වෙනුවෙන් මෙම මුදල වැය කෙරුණු බව එම වාර්තාවල දැක්වේ.
කමිටුවේ කටයුතු සඳහා පුනරාවර්ථන වියදම් වශයෙන් රුපියල් ලක්ෂ 104ක් ද ප්‍රාග්ධන වියදම් වශයෙන් රුපියල් ලක්ෂ 116ක්ද භාණ්ඩාගාරයෙන් වෙන් කර දී තිබිණි.
පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් 2017 ඔක්තෝබර් මස 4 වැනි දින පළාත් සභා සීමා නිර්ණය කමිටුව පත් කළ අතර, විශ්‍රාමික මිනුම්පති කනගරත්නම් නවලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයන් වූයේ මහ බැංකුවේ විශ්‍රාමික සහකාර අධිපති ආචාර්ය අනිලා ඩයස් බණ්ඩාරනායක, මහාචාර්ය එස්.එච්. හිස්බුල්ලා, මහාචාර්ය සංගාර විජයසුන්දරන් සහ විශ්‍රාමික සහකාර මැතිවරණ කොමසාරිස් ප්‍රේමතිලක සිරිවර්ධන යන මහත්ම මහත්මීන්ය.
කමිටුවේ සාමාජික මහාචාර්ය එස්.එච්. හස්බුල්ලා මහතා පසුගිය සිකුරාදා (24) යාපනයේදී අභාව්‍රාප්ත විය.
කමිටුවේ කාර්යාලය කොළඹ නාරාහේන්පිට මිනින්දෝරු කාර්යාල පරිශ්‍රයේ පිහිටුවා තිබිණි.
කමිටු වාර්තාව පසුගිය පෙබරවාරි 19 වැනිදා ඇමැති මුස්තාපා මහතාට බාර දෙනු ලැබූ අතර, ඇමැතිවරයා විසින් එය පසුගිය මාර්තු මස 6 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
පසුගිය සිකුරාදා (24) පාර්ලිමේන්තුවේදී වාර්තාව පිළිබඳව පැවැති විවාදය අවසානයේදී ඒ පිළිබඳව ඡන්දය විමසීමේදී වාර්තාව ප්‍රතික්ෂේප කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට සහබාගි වුන සියලු මැති ඇමතිවරුන්ගෙන් මේ මුදල් අයකරගන්න, හරියට අපි වැඩකරන කොම්පැනි වල ආයතනයට අපි අතින් පාඩුවක් වුනොත් අපේ පඩියෙන් කපනවා වගේ. ඇයි මෙයාලගෙනුත් එහෙම අයකරන්න බැරි , මේවා රටේ මහජනයාගේ සල්ලි එක්කෙනෙකුගෙන් 85000 ගානේ කපාගන්න.
දැන් මේ අපතේ ගිය මුදල් දුප්පත් මහජනතාවගේ මුදල් නොවේද ? මේවාට වගකීම බාර ගන්නේ මහජන මුදලින් වැටුප් ලබන කිනම් මහජන සේවකයාද? කිනම් රජයේ නිලධාරියාද ? අප නොදන්නා නිසා මෙසේ අසන්නේ , දැන් මෙය මහජන මුදල් අවභාවිතාවක් නොවේද ?
කවදද මේ ජනතාව මේවා තෙරුම් ගන්නේ. මේක එලියට ආවේ පැරදුනු නිසා. අනිත් ඒවගේ වියදම් කවුද දන්නේ.
මේවා මහජන මුදල් අවභාවිතය නෙමේ වගේ.
ඔය පළාත් සභා ඕනෙද? නැද්ද? කියලා ජනමත විචාරණයක් තියන්න. අනිවාර්යයෙන් 75% වැඩි පිරිසක් ඕක ප්‍රතික්ෂේප කරනවා. අපට අනවශ්‍ය දෙයක් බලෙන් අපේ කරමත පටවන්නේ මොකද කියලා මම පක්ෂ නායකයන්ගෙන් අහනවා.