එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේරළ ප්‍රාන්තයට ලබාදුන් එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක විශේෂ ආධාර මුදලක් ඉන්දීය රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
ගල්ෆ් රටක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම මුදල් පරිත්‍යාගය කරන ලද්දේ කේරළ ප්‍රාන්ත මහ ඇමැතිවරයා ප්‍රාන්තයට මුදල් ආධාර අවශ්‍ය බව ප්‍රකාශ කිරීමෙන් පසුය. කෙසේ නමුත් ප්‍රාන්තය ඉල්ලන තරම් ප්‍රමාණවත් මුදල් ලබාදීමට ඉන්දීය මධ්‍යම රජය අපොහොසත් වී ඇතැයි ද පැවසේ.
“අපේ දැන් තිබෙන ප්‍රතිපත්ති අනුව පුනරුත්ථාපන කටයුතු සහ සියලු අවශ්‍යතා දේශීයව සපුරා ගන්නා උත්සාහ කරනවා” යැයි ඉහත තීරණය පැහැදිලි කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.
ඉන්දියාවට විදේශ මුදල් ලබාදිය හැක්කේ ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයන් හරහා හෝ පදනම් හෝ තුළින් පමණක් බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත.
ආපදා අවස්ථාවලින් පසු විදේශ ආධාර ප්‍රතික්ෂේප කිරීමේ වාර්තාවක් ඉන්දියාව සතුව ඇත. වසර 2004 දී සුනාමි ව්‍යවසනයෙන් පසු ඉන්දියාවට ආධාර කිරීමට රටවල් මැදිහත් වූ නමුත් ඉන්දියාව එම ආධාර ප්‍රතික්ෂේප කළේය.
තමන්ට ඕනෑම හදිසි තත්ත්වයක් පාලනය කිරීමට හැකි බව ලෝකයට ඔප්පු කර පෙන්වීමට ඉන්දීය රජයට අවශ්‍ය යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂඥයෝ සඳහන් කරති.
“ගංවතුර නිසා ඇති වූ ඛේදජනක තත්ත්වයෙන් නැවත යථා තත්ත්වයට පත්වීමටත් ජන ජීවිතය නගා සිටුවීමටත් විදේශ රජයන් ඇතුළු රටවල් කිහිපයක් අපට උපකාර කරන්න කැමැති බව සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් අපි විශේෂයෙන් කෘතඥ වෙනවා. එය අපේ ඇගයීමට ලක්වනවා” එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මූල්‍ය ආධාරය ගැන විශේෂ සඳහන් නොකරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
කේරළ ප්‍රාන්තයට බලපෑ ගංවතුර හා නායයෑම්වලින් 400කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
ඒ.එෆ්.පී 055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ විදේශ ප්‍රතිපත්තියක් අපේ පාලකයන්ටත් තිබුණ නම්?
ඒකට අපේ ආණ්ඩු. විදේශයන්ට ආධාර කරන්න කියලා ඉල්ලන්නවත් එක්ක. අපේ බිම් මට්ටමේ මිනිස්සුන්ගේ තියෙන කරදරයකදී උදව් කිරීමේ ගුණය හොදටම ප්‍රමාණවත් ආපදා වලින් ගොඩ එන්න. මිනිස්සුන්ගේ බදු වලින් යැපෙන නිලාධාරින්ගේ හා දේශපාලකයන්ගේ නොහැකියාව හරිම ලැජ්ජා සහගතයි.
ඉන්දියාවට එපා කීදේ අපේ ජාත්‍යන්තරය ජයගත් අය හිඟාකන්න යයිද?
දේශාභිමානය කියන්නෙ ඒකට. ලංකාව නං නිකං දෙනවා නං ඕන කුණු ගොඩක් බාර ගනී.
ඇයි " හෙල්පින් හම්බන්තොට " ව්‍යාපෘතිය සුනාමියට දුන්න විදේශ සල්ලි රටට නොවෙයි මගේ එකවුන්ට් එකට...
පක්ෂ භේදයක් නැතුව අපේ අමන දේශපාලකයෝ පිටරටින් නිකන් දෙන එක ගැන උදම් අනන හිඟන්නෝ... ගෑනු පිටරටට විකුණලා එන සල්ලි ගැන උදම් අනන අය... හරියට යාචකයෙකුට වූ සුපිරි කෑම වේලක් ලැබුණාම හැසිරෙනවා. ඔලුව දෙකට නමලා නිවට ලෙස ස්තුති කරමින් විලි ලැජ්ජාවක් නැතුව විදේශයන් වෙත අත දිගු කරන අයුරු ජුගුප්සාජනකයි.
අපේ ගොයියෝ කෙල හලනවා ඇති කොහොමද ඒ විශේෂ අධාරය අපි ලබාගන්නේ කියලා...
මේ අයගේ ලොකුකම. වෙලා තියෙන හානිය සුනාමියට වැඩි බව තමයි එහෙ ඉන්න අය නම් කියන්නේ
අපේ අයියලා නම් ලෙවකාගෙන කෙල පෙරාගෙන වැඳගෙන බාරගනියි. රටටවත් දුකට පත් ජනතාවටවත් ආදරේ හින්දා නෙමෙයි. එ්කෙන් වැඩිපුර ගණනක් කඩාගන්න පුළුවන් හින්දා. ඉන්දියාවේත් දූෂණය තියනවලු. හැබැයි අපේ අයියලා පරද්දන්න ඒ ගොල්ලන්ට බැහැ...
ඒක ලංකාවට ගන්න ක්‍රමයක් ගැන මම කල්පනා කරන්නේ...
ඉන්දියාව විශාල රටක් වුවත් සැමවිටම තම ආරක්ෂාව පිළිබදව විමසිල්ලෙන් සිටිනවා. සැකයක් සහිත කිසිඳු ආධාරයක් ලබා නොගන්නා අතරම යමෙක් උපකාර කරන්නේ නම් එසේ කරන්නේ ඇයිද යන්න සොයා බලනවා. මෙවැනි විවිධ ආධාර ඉන්දියාවේ ස්වාධීනත්වයට ජනතාවගේ සංස්කෘතියට, සාමකාමිත්වයට සහ සහජීවනයට හානි පමුණුවන වන බව දන්නා ඔවුන් මේ ආකාරයටම ආධාර ලබාදී වෙනත් රටවල් සහ රටවල ජනතාව ඔවුන් වෙත නම්මා ගනී. ශ්‍රී ලංකාව, බංගලිදේශය, නේපාලය ආදී රටවල ඇතැම් ජන කොටස් ඔවුන් විසින් මෙවැනි ආධාර හරහා දිනා ගනිමින් සිටින බව නොදැනේද?
රටට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ ඔන්න ඔය වගේ දේවල් වලට.
අපේ දේශපාලකයෝ හිතනවා ඇති කීයක් මැරුණත් කමක් නැහැ.. අනේ ඒ වැස්ස සහ ගංවතුර ලංකාවට ආවේ නැත්තේ ඇයි කියලා.. සුනාමි ආධාර ගස කාල බලයට ආපු අය ඉන්න රටනේ...!
දෙකක් නැ, අපේ 224 සෙට් එක දැන් දෙයියන්ට කන්නලව් කරනවා ඇති " අනේ ලංකාවටත් ඉක්මනටම ඔයවගේ ගං වතුරක්" එන්න කියලා
අපේ පුහු ආඩම්බරකම සහ කයිවාරුව විතරයි.. දේශපාලකයෝ ලස්සනට අපේ ගොන් ඔලු ටික හෝදලා අපි දන්නෙත් නැතුව! මතක ඇතුව ඊළඟ සැරෙත් ඔය දෙගොල්ලන්ගෙන්ම කවුරු හරි උස්සලා තියන්න...
ඉන්දියාවේ විශේෂයෙන් කේරලයේ මිලියන ගානක් වැඩකරන්නේ මැද පෙරදිග, UAE මේ මුදල දෙන්න ඇත්තේ සැලකීමක් වශයෙන්, ඒ උනාට ඉන්දියාවේ පුහු ආඩම්බරකම ඉහවහා ගිහින්. ඉන්දියානු රජය මේ අනතුරට පත් දේවල් නැවත සකසන කොට තව ගංවතුර දෙකතුනක් විතර එයි.
ඉන්දියාව ආණ්ඩුව ජනතාව සිඟමන් යැදීමට පුරුදු පුහුණු නොකරන රටක්... රටේ නිෂ්පාදනය සඳහා ඇති හැකි බව අත්‍යවශ්‍ය කරුණක්...
අපිට නම් අවශ්‍ය කුඩු, පේමන්ට් කඩ සහ ත්‍රී වීල් පමණි.
මොනවද ඉතින් ඒ ආධාර අරගෙන දේශපාලකයින් කිසිම ලැජ්ජාවක් හිරිකිතයක් නැතිව ඒ අයගේ පවුල් අතරේ ලස්සනට බෙදාගනියි.
මේ සල්ලි අරගෙන ඉන්දියානු රජයට තිබුණේ සනීපාරක්ෂාව නැති ඉන්දියානු ජනතාවගේ ප්‍රයෝජනයට යොදවන්න. අනික මෙය මානුෂික අාධාරයක්. මෝදිගේ මෝඩ වැඩ...