(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
රත්නපුර ඇඹිලිපිටිය ප‍්‍රධාන මාර්ගයේ පල්ලෙබැද්ද කොස්වැටිය වංගුවේ දී යතුරු පැදියක් බස් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනාම මියගිය බව ගොඩකවෙල පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ මිද්දෙනිය අඟුණකොළපැලැස්සේ පදිංචිව සිටි කේ.නාලක නිරෝෂන් (32) සහ ගාල්ල නෙලූව පදිංචිව සිටි ශිවකුමාර් රාජේන්ද්‍රන් (19) යන දෙදෙනා බව පොලීසිය කියයි.
මියගිය දෙදෙනා රත්නපුර දෙස සිට ඇඹිලිපිටිය දෙසට යතුරු පැදියෙන් පැමිණ ඇති බව පොලිසිය කියයි.
විනෝද චාරිකාවකට එක්වු පිරිසක් රැගත් ඇඹිලිපිටිය දෙස සිට රත්නපුර දෙසට ගමන්ගත් බස් රථයක මේ දෙදෙනාගමන් කළ යතුරු පැදිය මුහුණට මුහුණලා ගැටීමෙන් එක් අයෙක් එතැනම මියගොස් ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd