(අනීෂා මානගේ සහ චන්ද්‍රෙස්න ගමගේ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(25) උදෑසනවීරකැටිය මැදමුලන නිවස වෙත පැමිණියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ශෝකය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා පවුලේ ඥාතීන්ට දැක්වූ අතර ඔහු මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා සමග සුහද කථාබහකද නිරත වූවේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විජේදාස රාජපක්ෂ මහතාද එක් විය.





ඡායාරූප - අනීෂා මානගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්තූර දෙකකම ජනපති ජෝඩුව මුහුණට මුහුණලා සිටින හැටියක් පෙන්නේ නැති වුනාට, සුහද කථාබහක නිරත වුනා කියා තිබෙනවා !
මළගෙදර ආප්ප, කලුකොපි එහෙම තිබුනේ නැද්ද දන්නේ නැහැ...
අගමැති සිංගප්පූරු - වියට්නාම සංචාරයක..... ජනපති මැදමුලන සංචාරයක.
බලන්න 3 වෙනි ෆොටෝ එක... බුතයයි පෙරේතයයි වගේනේ පේන්නේ...
මහින්ද මහත්තයගේ මූණෙ තියෙන්නෙ වෛරී හැඟිමක්. තමන්ටම අයිති දෙයක් උදුර ගත්ත කෙනෙක් ගැන ඇති තරහක්. චාන්ස් එකක් ආවොත් දෙන්නං බැටේ කියන්න වගේ. හරිම නාට්‍යමය රසයක් සහිත අවස්ථාවක්...
මේ දෙගොල්ලම එකිනෙකාගේ මළ ගෙවල්, මගුල් ගෙවල්වලට යන එන එකෙන් පෙන්නුම් කරන්නේ මේ අය කරන්නේ දේශපාලන රඟපෑමක් කියන එක නොවෙයිද?
රාජපක්ෂලා ශේප් කරගන්න බලන්න ඇති... නැතිනම් තමන්ගේ මල්ලිගේ අවමගුලට ගියපු නැති කෙනා අනුන්ගේ මල්ලිගේ අවමගුලට යන්නේ මොකද?
ආයේ කතා දෙකක් නැහැ ගිය තැන විනාශයි!! ප්‍රතිඵලය කුමක් වුවත් පඹයට කොතනත් එකයි...
මේ වගේ සිල්ලර දේවලට කමෙන්ට් දාන්න කාලය නාස්ති නොකළ යුතුයි...
මරණය හැමෝටම පොදුයි. කුමන දේශපාලන මතිමතාන්තර දැරුවත් ජනාධිපතිතුමා එතුමාගේ මෛත්‍රිය මැනවින් පෙන්නුම් කර ඇත...