(රවී ලියනගේ )
යම්කිසි පිරිසක් විසින් ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ වාහන ගාල් කරන ස්ථානයේ අලවනු ලැබ ඇති පෝස්ටරයක් නිසා වෛද්‍යවරුන්, කාර්ය මණ්ඩලය හා රෝගීන් නොසන්සුන්තාවට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.
මෙම පෝස්ටරයෙන් දැක්වෙන්නේ ගාල්ල කරාපිටිය රෝහලේ රථ ගාල් කරන ස්ථානයක් අගෝස්තු 27 වැනිදා සිට විශේෂඥ වෛද්‍යවරුන්ට පමණක් සීමා කරන බවයි. ඒ සඳහා එම විශේෂඥ වෛද්‍යවරුන් වෙනම පාස් පතක් ලබා ගත යුතු බවත් එහි දැක්වේ.
ඒ.එෆ්.එන්.එස් යන නාමයෙන් මෙම දැන්වීම මඟින් දන්වා ඇත්තේ අගෝස්තු මස 27 දින සිට උදෑසන 8.00 සිට 4.00 දක්වා විශේෂඥ වෛද්‍යවරුන්ගේ හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුගේ වාහන මෙම ස්ථානයේ ගාල් නොකරන ලෙසයි.
කෙසේ නමුත් ගාල්ල කරාපිටිය රෝහලේ කිසිදු කාර්ය මණ්ඩලයක් මෙම මෙවැනි සංවිධානයක් හෝ සමිතියක් පිළිබදව නොදන්නා බව එම කාර්ය මණ්ඩලය පවසති. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ රෝහල තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, හෙද සංගම්, ඇතුළු වෙනත් සේවක සංගම් ක්‍රියාත්මක වුව ද මෙම ඒඑෆ්එන්එස් නැමැති අන්වර්ථ නාමයෙන් කිසිදු සංගමයක් ක්‍රියාත්මක නොවන බවයි.
මේ අතර ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ ජයම්පති සේනානායක මහතා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතවරයාගෙන් ලිපියක් යොමු කරමින් හෙට (27) දිනයේ උදෑසන කාලයේ දී රෝහලට පොලිස් ආරක්ෂාව ලබා දෙන මෙන් ඉල්ලීමක් ද කර ඇත.
මෙහි දී ඔහු ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ රෝහලේ වාහන නැවැත්වීම සම්බන්ධයෙන් වෛද්‍ය කණ්ඩායම් දෙකක් අතර ගැටළුවක් පැනනැගී ඇති නිසා 27 දින උදෑසන ඔවුන් අතර ගැටුමක් නිර්මාණය වීමේ සැකයක් පවතින නිසා එවැනි තත්වයක් ඇති වුවහොත් සමස්ථ රෝහල් සේවා කටයුතු මුළු මනින්ම බිද වැටීමට හැකියාව ඇති නිසාත් මාඉටිපේ පටුමගේ පිළිකා රෝහල පසුකරන විට දකුණු පසින් ඇති රෝහලට ඇතුළු වන ගේට්ටුව පවතින ස්ථානයට ආරක්ෂාව ලබා දෙන ලෙසයි.
මේ සම්බන්ධයෙන් විමසීම සදහා ගාල්ල කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ ජයම්පති සේනානායක මහතා සම්බන්ධකර ගැනීමට උත්සාහ කර ද එය ව්‍යර්ථ විය.
මේ සම්බන්ධයෙන් ගාල්ල කරාපිටිය රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහාතාගෙන් විමසීමේ දී ඔහු මෙසේ පැවසීය.
‘‘ඒඑෆ්එන්එස් කියන්නේ නොදන්න නමත් තමයි. හරියටම මැර කණ්ඩායමක් වගේ. මොකද මේ සිද්ධියට අනුව අපි රෝහල් අධ්‍යක්ෂවරයා හරහා මේ අවස්ථාවට පොලිස් ආරක්ෂාව ඉල්ලුවාම මේ කියන අය අපේ ගෙදරට මිනී ඔළු එවනවා කිව්වා. පාතාලය ලවා පහර දෙනවා කිව්වා. ඉතින් මැර කණ්ඩායමක් වෙන්න ඕනෑ. මේක මේ ප්‍රායෝගික නැති කීප දෙනෙකුගේ අවශ්‍යතාවයට පරිපානය සම්බන්ධ කරගන්නේ නැතිව ගහපු දැන්වීමක්. ඒ නිසා මේ සදහා පියවර ගන්නා ලෙස අපි අධ්‍යක්ෂවරයාගෙන් හා අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.‘‘ යැයිද වෛද්‍ය මංජුල ද සොයිසා මහාතා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විද්‍යා ධජාති විනයං කිව්වේ ඕකට තමයි...
කොහොමටත් දැන් කාලේ විශේෂඥ වෛද්‍යවරු හිතාගෙන ඉන්නේ තව්තිසාවෙන් ආව කට්ටියක් කියලා තමයි.
එම්. බී. බී. එස්. කියන්නේ ප්‍රාථමික උපාධියක්. ඇත්තටම එ්ක සයිටම් එකෙන් වුණත් ගන්න පුළුවන්. රජයේ එම්. බී. බී. එස්. ලා විරුද්ධ වුණාට. නියම දොස්තර කෙනෙක් බිහිවෙන්නේ පශ්චාත් උපාධි හැදෑරීමෙන්...
හරියට හෝඩියේ දරුවෝ වගේ ...
ප්‍රේමදාස මහත්තයාගේ අගේ දැනෙන්නේ දැන් තමයි.
දැන්ද මහජන පොලිසිය මතක් වුනේ. වෛද්‍ය කණ්ඩායම් දෙකක් අතර ගැටළුවක් පැනනැගී නම්, ඇයි දොස්තර වර්ජන අමතක වුණාද?
ඕකද මේ ගොල්ලන්ට තිබෙන ලොකුම ප්‍රශ්නය? ඕක නිසා හෙට අනිද්දා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් කරලා අසරණ මිනිස්සු 50-60 වල පල්ලට යවන්න බැරිකමක් නැහැ
කමල් ඔයාට එම්.බී.බී.එස්. ගන්න බැරි වුණාට අනිත් අයට ඉරිසියා කරන්න එපා. අවුරුදු 5ක උපාධියක් මේක...
ප්‍රේමදාස මහත්මයා හිටියා නම් ඔය වැඩ වර්ජන නැත. ඔහුට රජයේ ආයතන තුළ ජනතාව රස්තියාදු කරන නිලධාරියෝ පෙන්වන්න බැරිය. තමන්ට ඡන්දය දුන්නු ජනතාව වෙනුවෙන් දවසකට පැය 16-18ක් වැඩකළ නායකයෙකි. දුම්රිය හරස් මාර්ගවල උණබම්බු බැරියර් දැමීම වැනි ක්ෂණික තීරණ නිසා එදා සිට අද දක්වා දහස් ගණනක් ජීවිත බේරාගත හැකිවිය. උදාගම් වැනි දුරදර්ශි ව්‍යාපාර නිසා ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ හිසට සෙවණක් ලැබුණි. ඔහුගේ ජනසවිය සංකල්පය අද සමෘද්ධිය නමින් තවමත් ක්‍රියාත්මක වේ. අද මෙන් පත්තරෙන් දැක ක්‍රියාත්මක වෙන නායකයෙක් නොව තමන් ගමන් කරන වාහනය හිටිගමන් නවතා රජයේ ආයතන තුළට ගොස් ඒවායේ තත්වය සොයාබැලූ නායකයෙකි. ඔහුට ඡන්දය දුන් ජනතාවට ණය නැති වෙන්න ඔහු වැඩ කළේය.
නාඩගං නැතුව වෙලාවට වැඩට අැවිත් අහිංසක ලෙඩුන්ට බේහෙත් ටික දිපල්ලා විකාර...
උපාදිය අවුරුදු කීයද වැඩක් නැහැ. වැඩ කරන්නේ නැත්නම්.
පිනට බදු නැතිව වාහන ලැබුනම ඒවා ගාල් කොර ගන්නත් එපාය. අපේ කරුමෙට අපි බදු ගෙවනවා මුන්ට.
කාර් නවතන රියගාලකට මෙච්චර කලබලයක් කරන එකෙන්ම පේනවා අපේ දොස්තරලාගේ හැදියාව. ඉතින් ලෙඩුන්ට සලකන හැටි ගැන කුමන කතාද?
බුද්ධදාස රජතුමා නයාට වෙදකම් කරන්න සිය බෙන්ස් රථය නතර කිරීමට කාර් පාක් එකක් ඕනි නිසා ගහපු පොස්ටරයවත්ද?
මේ හදන්නේ අලුතෙන් මොකක් හරි ප්‍රශ්නයක් හදාගෙන එ්ක මුල්කරගෙන ආණ්ඩුවේ ඉස්පිරිතාලවල වැඩ වර්ජනයක් දමාගෙන, එම කාලය තුළ පුද්ගලික බෙහෙත් සාලාවල බෙහෙත් දීලා, අසරණ මිනිස්සු අමාරුවේ දමලා තම මල්ල පුරවාගන්න. මොවුන් අපේ බදුසල්ලි වලින් ඉගෙනගෙන, අපේ සල්ලිවලින් තීරුබදු රහිත වාහන වැනි දීමනා ලබාගෙන, ඒවා ගාල් කරගන්න බැහැ කියමින් අපිවම මරාගෙන කන්න හදනවා. හොඳම විසඳුම ඔය තීරුබදු වාහන රහිත දීමනා නවතා දමන එක... එක කාලෙකට හෙදියෝ එක්ක කාමර බෙදාගන්න බැරුව වර්ජන, එක කාලෙකට සෛටම් නිසා වර්ජන, තව කාලෙකට සිංගප්පූරු වෙළඳ ගිවිසුම, දැන් රථගාල බෙදාගන්න බැරුව...
ඕස්ට්‍රේලියාවේ බොහෝ රෝහල් වල නොමිලේ වාහන නවතා තැබීමට අවසර ලැබෙන්නේ රෝගීන්ට පමණි. ගිලන් රථ හැර සියලුම කාර්ය මණ්ඩලය මුදල් ගෙවා අවසර පත් ලබා ගත යුතුය . ලංකාවේ වෛද්‍යවරු යහමින් මුදල් උපයන නිසා ගාස්තු ගෙවීමේ ගැටළුවක් නැත.
ලෝකයේ දියුණු රටවල රෝහල් සංචාරක හොටල් මෙනි. රෝගීන්ට ඉහළම සැලකිල්ලක් දක්වනු ලැබේ. මොකද රෝහලේ කාර්යමණ්ඩලය යැපෙන්නේ රෝහලට රෝගීන් අවොත් පමණක් නිසාය. කාර්ය මණ්ඩලය නිතරම සැදී පැහැදී සිටින්නේ රෝගීන්ට අවශ්‍ය සැප පහසුකම් සැලසීමටය. මෙහෙ දොස්තරලාට තීරුබදු රහිත වාහන පහසුකම් නොදෙන අතර, ඔවුන්ද සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන වාහන සහ පොදු ප්‍රවාහන සේවා පරිහරණය කරති. ලංකාවේ තත්වය මෙයට වෙනස්ය. ලංකාවේ රෝහල්වල පැමිණෙන රෝගීන්ට කාර්යමණ්ඩලය සලකන්නේ තම නිදහසට බාධාකරන්නට පැමිණි සතුරන්ට මෙනි. කෙටියෙන් කියනවා නම් පුනරුත්ථාපන කඳවුරුවල පුනරුත්ථාපනය වන පරණ කොටි සාමාජිකයින්ට රජයේ රෝහලක ප්‍රතිකාර ගන්න රෝගීන්ට වැඩි සැලකිලි පහසුකම් ඇත. නමුත් මේ සියල්ල අප ඉවසා දරාගත යුතුය. ප්‍රමිතියෙන් වැඩිම දොස්තරලා සිටින්නේ ලංකාවේ නිසාය...
ලංකාවේ දොස්තරලාද ? මේ වෘත්තීය අපේ රටේ කොතරම් ඉහලයි කියල සලකනවා වුනත් මේගොල්ලෝ ගැන කථා කරනවාට වඩා හොඳයි වතු කොන්දොස්තරලා , බස් කොන්දොස්තරලා ගැන කථා කරන එක.