රන් සොයා කැණීම් කළ 21 ක් අත්අඩංගුවට
එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් වළදමා ඇති රත්තරං සොයා කිලිනොච්චි, ධර්මපුරම් කට්ටකාඩු ප්රදේශයේ ස්ථානයක් ස්කෑනර් යන්ත්ර යොදා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු, හමුදා සෙබලුන් දෙදෙනකු ඇතුළු පුද්ගලයින් 21 දෙනකු අද (9) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය විශේෂ කාර්ය බළකාය කියයි.