දුම්රිය සේවකයෝ ඇරඹූ උපවාසය අත්හරිති
දුම්රිය ආදේශක, අනියම්,තාවකාලික හා කොන්ත්රාත් සේවකයන් වහා ස්ථිර කරන ලෙස බලකරමින් සේවකයන් හත් දෙනෙකු රත්මලාන ප්රධාන යාන්ත්රික උප දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ යාබද ගොඩනැගිල්ලක් මතට අද (10) උදේ ආරම්භ කළ උපවාසය අත්හැරිය බව රත්මලාන දුම්රිය සේවා වෘත්තීය සමිති එක්සත් පෙරමුණේ ප්රධාන ලේකම් එම්.ජී.එන් තුෂාර මහතා පැවසීය.