පූජිත් - හේමසිරි ප්රතිශෝධන ඇයැදුමේ තීන්දුව හෙට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතීපතිවරයා ඉදිරිපත් කර ඇති ප්රතිශෝධන ඇයැදුම්පත සම්බන්ධ තීන්දුව හෙට (9) කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ ප්‍රකාශ කිරීමට නියමිතය. 08 October 2019
චේ ගුවේරාගේ 52වැනි ගුණ සැමරුම යහලකැළේවත්තේදී විප්ලවීය කියුබානු නායකයෙකු වූ අර්නස්ට් චේ ගුවේරාගේ 52 වන ගුණානුස්මරණ උත්සවය කියුබානු තානාපතිනි ජුවානා එලීනා රාමෝස් රොඩිගේ්රස් මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල්හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන්, අද(08) හොරණ මොරගහහේනහි පැවැත්විණි. 08 October 2019
ඇල්පිටියේ මැතිවරණ ප්රචාරක කටයුතු අදින් අවසන් ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ සියලුම ප්රචාරක කටයුතු අද (08) රාත්‍රි 12න්පසු අවසන් වන බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් මහතා පවසයි. 08 October 2019
අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කරන්නැයි ලංකාවේ ඉල්ලීම ගැන සළකාබලන බව සිංගප්පූරුව කියයි ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීමට උදර්පන නීතීය යටතේ ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ප්රමුඛස්ථානයක් දී කටයුතු කරන බව සිංගප්පුරු නීතීපති දෙපාර්තමෙන්තුව ශ්‍රී ලංකාවේ නීතිපතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වේ. 08 October 2019
ජනාධිපති අපේක්ෂකයන්ට විවෘත ආයාචනයක් ජනාධිපතිවරණයේ පූර්ව මැතිවරණ සමයේ දී තමන් එකී තනතුරට සුදුස්සෙකු බව ක්‍රියාකාරිත්වයෙන් ඔප්පු කරන ලෙස පැෆරල් සංවිධානය සියලූම අපේකෂකයින්ගෙන් ඉල්ලීමක් කරයි. 08 October 2019
සෙත්සිරිපාය අවට මාර්ගයන්හි රථවාහන තදබදයක් විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ල සෙත්සිරිපාය අසළ දැඩි රථවාහන තද බදයක් පවතී. 08 October 2019
රේගුවේ හිටපු ලොක්කන් දෙදෙනා යළි රිමාන්ඩ් හිටපු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් ප්‍රේමලාල් ජයවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂක තාරක සෙනෙවිරත්න ලබන 11 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 08 October 2019
සන්ධ්‍යාවේ ගිගිරුම් සහිත වැසි වැඩිවෙයි දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 October 2019
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ගැන පැමිණිලි 103ක් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ දින සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ පැමිණිලි 103ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය පවසයි. 08 October 2019
පාර්ලිමේන්තු භූමියේ කොටසක් දියවන්නාවට කඩා වැටෙයි පාර්ලිමේන්තු භූමියේ කොටසක් දියවන්නා ඔයට කැඩී ගොස් ඇතැයි වාර්තා වේ. 08 October 2019
චීන ජාතිකයාගේ නේවාසිකාගාරයේ රහසිගත දැව සැකසුම් මධ්‍යස්ථානයක් ලග්ගල- කළුගඟ ජලාශ යෝජනා ක්රමයේ ඉදිකිරිම සමාගමක නේවාසිකාගාර කාමරයක් තුළ රහසිගතව යාන්ත්‍රික දැව සැකසුම් මධ්‍යස්ථානයක් පවත්වා ගෙනගිය චීන ජාතිකයෙකුට රුපියල් 25,000 ක දඩ මුදලක් ගෙවීමට නාඋල මහේස්ත්‍රාත් නාලක වීරසිංහ මහතා නියෝග කළේය. 08 October 2019
සැකකරු පැන ගියාට කොස්තාපල්ගේ සේවය අත්හිටුවයි පොලිස් අත්අඩංගුවට පත්වූ සැකකරුවකු පැන යාම සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකුගේ සේවය අත්හිටුවා ඇතැයි තංගල්ල සහකාර පොලිස් අධිකාරී 1 සනත් අමරසිංහ මහතා පවසයි. 08 October 2019
බ්‍රිතාන්‍ය ගුවන් තොටේ දී ලාංකිකයන් සිව්දෙනෙකු අත්අඩංගුවට බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධානයක සාමාජිකයින් බවට සැක කළ ශ්‍රී ලාංකිකයින් සිව් දෙනකු ලන්ඩනයේ ලූටන් ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන ඇත. 08 October 2019
කසළවලින් විදුලිය නිපදවීම ලංකාවේ කසළ ප්‍රශ්නයට විසඳුමක් නෙවෙයි කසළවලින් විදුලිය නිපදවීම ලංකාවේ කසළ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් නොවන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා අද (07) පැවසීය. 07 October 2019
ශ්‍රී ලංකාව විස්සයි20 තරගාවලිය ජයගනී පාකිස්තානයට එරෙහිව ලාහෝරිහි ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද (07) පැවති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 35 ජයක් ලැබූ ශ්‍රී ලංකාව තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන විස්සයි20 තරගාවලිය 2–0 ලෙස ජයගැනීමට සමත්විය. 07 October 2019
අරුවක්කාලු කසළ අංගනයේ පිපිරීමක් අරුවක්කාලු කසළ අංගනයේ අද (07) රාත්‍රීයේ කිසියම් පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වෙයි. 07 October 2019
අරුවක්කාලු කසළ රඳවනයේ ඇතිවූ දුර්ගන්ධය පාලනය කෙරේ හදිසියේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අරුවක්කාලු කසළ රඳවනයේ කසල තැන්පත් කිරීම නිසි පරිදි සිදුකළ නොහැකි වීමෙන් දුර්ගන්ධයක් ඇති වූවත් මේ වන විට එය යථා තත්ත්වයට පත්කර ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා අද (07) පැවසීය. 07 October 2019
නාමයෝජනා බාර නොදුන් අයගේ ඇප මුදල් නැවත ලබාදෙනවා ජනාධිපතිවරණයට තරග කිරීමේ අරමුණින් මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත්කර එහෙත් නාමයෝජනා පත්‍ර බාර නොදුන් සහ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ අපේක්ෂකයින්ගේ එම ඇප මුදල් මැතිවරණයෙන් පසුව නැවත ඔවුන්ට ගෙවන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. 07 October 2019
බැටි වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි හිටපු අමාත්‍යවරයෙකු සහ ලංකා සම සමාජ පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් අධි නීතිඥ බැටි වීරකෝන් මහතා අද (07) අභාවප්‍රාප්ත විය. 07 October 2019
පොහොට්ටුවේ ආධාරකරුවන්ගෙන් හිරුණිකාට හිරිහැර මැතිවරණ මහලේකම් කාර්යාලය අසලදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් අශෝභන ලෙස හිරිහැර කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රීණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය. 07 October 2019
සජිත් සමඟ ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ගෝඨාභයට ඇරයුමක් ප්‍රතිපත්ති සහ රටේ අනාගතය පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා සමග ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අද(07) පැවැසීය. 07 October 2019
දකුණු ආසියාවේ ඉපැරණිතම ගල් මෙවලම් පාහියංගලින් සොයාගනී දකුණු ආසියානු වැසි වනාන්තර ආශ්රිත වාසභූමිවලින් හමුවන ඉපැරණිතම කුඩා ගල් මෙවලම් ශ්‍රී ලංකාවේ පාහියන්ගල ලෙනෙන් සොයාගෙන තිබේ. 07 October 2019
බස් රථ දෙකක් ගැටී 18කට තුවාල ගාල්ල දෙනියාය ප්‍රධාන මාර්ගයේ කනංකේ කුඩකේ මංසන්ධියේදී අද(07) බස් රථ දෙකක් ගැටීමෙන් වූ අනතුරකින් 18 දෙනෙකු තුවාල ලබා ඉමදූව දිසා රෝහලට ඇතුළත් කළ බව කනංකේ පොලිසිය කියයි. 07 October 2019
අනුර මාලිමාව ලකුණින් ජනපතිවරණයට ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනපතිවරණය සදහා මාලිමාව ලකුණින් ඉදිරිපත් වන බව එම ව්‍යාපාරයේ ප්‍රකාශකයෙක් පැවසීය. 07 October 2019
‘රනුක්ගේ වැටුප් කොමිසමේ නිර්දේශ ප්‍රමාද කරනවා‘ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය වෘත්තිය සමිති එකමුතුව මගින් වැටුප් විෂමතාවය වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ තීරණයට අනුව රනුක්ගේ වැටුප් කොමිසම මගින් සංශෝධිත යෝජනා ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබියදීත් එය ඉදිරිපත් නොකිරීම වෘත්තීය සමිති එකමුතුවේ දැඩි පිළිකුල හා අප්‍රසාදය පළ කරති. 07 October 2019
සෙත්සිරිපායෙන් ඇද වැටී අයෙක් මරුට තලංගම බත්තරමුල්ල සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 12වන මහලේ සිටි පුද්ගලයකු අද(07) තුන්වන මහළට ඇද වැටී මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි. 07 October 2019
ඩොලරය 183 ට නගී ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (7) ශ්‍රී ලංකා රුපියල් 183.07ක් ලෙස දැක්විණි. 07 October 2019
ජනාධිපතිවරණය නිරීක්ෂණයට 7500 ක් නොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා කැෆේ සංවිධානය 7500ක නිරීක්ෂකයින් පිරිසක් යෙදවීමට අපේක්ෂා කරන බව කැෆේ සංවිධානය පවසයි. 07 October 2019
විහාරාධිපති හිමි අපවත්වීමෙන් ගුරුකන්ද විහාරයේ නඩු අහෝසියි ගුරු කන්ද විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ව සිටි කොළඹ මේධාලංකාරකිත්ති ස්වාමීන්වහන්සේ අපවත්වීම සමග විහාරස්ථානය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ නඩු සියල්ල පවත්වාගෙන යෑමට නොහැකිව අහෝසිවී ඇත. 07 October 2019
සෙරෙප්පුවේ සවිකළ දුරකතනයෙන් කතුන් වීඩියෝ කළ තරුණයා රිමාන්ඩ් ජංගම දුරකතනයක් තම සෙරෙප්පුවේ රහසිගත ව සඟවා බලන්ගොඩ නගරයේ කාන්තාවන් වීඩියෝ කළ තරුණයෙකු ඔක්තෝබර් (10) දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (07) නියෝග කළේය. 07 October 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026