(*** සිටිනාමළුව - අනීෂා මානගේ)
රටේ ජනාධිපති තම වැටුප කොරෝනා අරමුදලට පරිත්‍යාග කරද්දී ලුණු සංස්ථාවේ සභාපතිවරයා සංස්ථාවේ මුදලින් රුපියල් ලක්ෂ දෙකක් වටිනා ජංගම දුරකතනයක් මිලදී ගෙන ඇතැයි ද තංගල්ල නගර සභාවේ මන්ත්‍රී චින්තක කැළුම් (ජවිපෙ) මහතා පැවැසීය.
චින්තක කැළුම් මහතා මෙසේ පැවසූයේ පෙරේදා (16) පැවැති තංගල්ල නගර සභාවේ ජූනි මස සභාවාරයේදීය.
මන්ත්‍රීවරයා මෙසේද කීය.
ලුණු සංස්ථාවේ සභාපති ලුණු සංස්ථාවේ මුදල් රුපියල් ලක්ෂ දෙකකින් ඔහු ජංගම දුරකතනයක් අරගෙන තිබෙනවා. අපේ රටේ ජනාධිපති තමන්ගේ මාස තුනක වැටුප කොරෝනා අරමුදලට පරිත්‍යාග කළා. නමුත් එතුමා පත්කළ නියෝජිතයෙක් මෙහෙමයි කරන්නේ. මේවා සම්බන්ධයෙන් තංගල්ල නගර සභාවේ මන්ත්‍රීවරු කතා කරන්නේ නැහැ. ජනාධිපතිට, අගමැතිට මේවා පේන්නෙ නැද්ද? මෙතුමා සමඟ පත්කළ අනිත් අධ්‍යක්ෂවරුත් මේවා අනුමත කරනවාද?
ලුණු ලේවාය හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපිට තිබෙන ජාතික සම්පතක්. සභාපතිවරයකුට දුරකතනයක් ගන්න අයිතියක් තිබුණත් ලක්ෂ දෙකක දුරකතනයක් ගැනීම ගැටලුවක්.
හම්බන්තොට මහ නගර සභාවට ලුණු සංස්ථාවෙන් වරිපනම් ගෙවනවා.
අප මේ සම්බන්ධයෙන් හම්බන්තොට ලුණු ලේවායේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහතාගෙන් කළ විමසීමේදී මෙසේ කීය.
මට සභාපති විදියට ජංගම දුරකතනයක් සහ ලැප්ටොප් පරිගණකයක් ගත හැකියි. ආයතනයේ තොරතුරු මොනිටර් කිරීම පහසු වන පරිදි සීසීටීවී, ජීපීආර්එස් සියලු පහසුකම් සහිත රුපියල් 1,95,000ක ජංගම දුරකතනයක් මම ගත්තා.
මම මේ තනතුරෙන් ඉවත් වී යන දිනෙක ඒ දුරකතනය බාරදීම හෝ ඒ මුදල් ගෙවිය යුතුයි. මගේ පෞද්ගලික තොරතුරු ජංගම දුරකතනයේ තිබෙන නිසා මම දුරකතනය බාර නොදී ඒ මුදල් ගෙවනවා. ගෙවන්න මුදල් නොමැති නිසා මම පරිගණකයක් ගත්තේ නැහැ.
කිසිදු මන්ත්‍රීවරයකුගේ නමට මම ලුණු පර්මිට් ලබා දී නැහැ. සංස්ථාවේ සියලු තොරතුරු පොත්පත්වල නියමිත පරිදි සටහන් වී තිබෙනවා. මා සමඟ පෞද්ගලික තරහ තිබෙන අය මගේ නම කැත කරන්න උත්සාහ කරනවා. කොරෝනා කාලයේදී මගේ පෞද්ගලික වාහන පවා සේවකයන්ගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් දුන්නා. රන්නේ පිහිටි මගේ නිවෙසත් මම නිරෝධායන මධ්‍යස්ථානයකට දුන්නා. තංගල්ල නගර සභාව කටකතා සහ කේළම් පමණක් කියන ස්ථානයක් බවට පත්වීම ගැන මම කනගාටු වෙනවා යැයිද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීසීටීවී, ජීපීආර්එස් බලන්න ඔච්චර ගාණක ෆෝන් එකක් ඕනෙ නැහැ. ඔය ටික කරන්න 50000 කට අඩුවෙන් හොඳ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් අරන් දෙනවා කිව්වානම්... දීලා ගියත්, ගෙව්වත්, කොහොම කළත් සංස්ථාවට පාඩුයි. මොකද 50000 අඩුවෙන් කරගන්න පුළුවන් වැඩේට ලක්ෂ 2ක් යොදවනවා කියන්නේ ජාතික ධනය අපතේ...
රුපියල් 45000ක විතර ෆෝන් එකකට 195000ක බිලක් දාලද දන්නෙත් නැහැ. ලංකාවෙ එහෙම දේවල් තමයි වෙන්නේ...
මේ වගේ අයව එලවන්න ඕනෑ. මේ වගේ අය තමයි ටෙන්ඩර් වලිනුත් ඊලඟට ගසාකන්නේ..
කිතුල් ගහට ගිය මිනිහාටත් දෙන්න උත්තරයක් තිබුණානේ...
යම් තනතුරකට අදාලව නීත්‍යානුකූලව නියමකර ඇති දීමනා හෝ වැටුප් අඩුවෙන් ලබාගැනීමට බල කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ. ඔය කියන විදියට ඔහු හැමදෙයක්ම තාක්ෂණය සමඟ යාවත්කාලීන වෙලා හොයා බලනවා නම් එහි වැරැද්දකුත් නෑ. විය යුත්තේ ඒ වැඩපිළිවෙළ විධිමත් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමයි. ඔහු ඒ වටිනාකම හරි හැටි ගෙවනවා නම් එය ප්‍රශ්නයක් නොවෙයි. ජනාධිපතිවරයාගේ වැටුප් පරිත්‍යාග කිරීම වගේ දේවල් අවස්ථාවට අනුව කරන රගපෑම් මිසක් රට ගැන හැඟීමක් ඇතුව කරන දේවල් නොවන බවත් තේරුම් ගත යුතුයි. එසේ රට ගැන සිතා වැඩකරනවා නම් පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සියල්ලගේ වරප්‍රසාද නවතා දැමිය හැකියි. මේ කමෙන්ට් එකට ගොඩක් අන්ලයික් වැටුණත් තිත්ත ඇත්ත ඕක තමයි.
සංස්ථාවක සභාපති නම් නීතිඥ කෙනෙකුත් නම් ජංගම දුරකතනය යන දවසක ගෙනියනවා නම් ජංගම දුරකථනයක් ගන්න සල්ලි නැහැ කියන එක පිළිගන්න පුලුවන්ද? තමන්ට වරප්‍රසාද තිබුණු පලියට ඒවා ගන්න යන්නේ අන්තිම ආත්මාර්ථකාමී මිනිස්සු..
තමන් කැමති දුරකථනයක් පාවිච්චියට ඇති නිදහස ලබාදෙමු. හැබැයි එහෙම ගන්නවා නම් ඒ සඳහා සංස්ථාවෙන් ගෙවන උපරිම මුදල එනම් රු 50,000 තීරණය කළ හැකියි. අමතර මුදල පාරිභෝගිකයා දරන ලෙස ප්‍රතිපත්ති සකස්කළ හැකිය. ඉන්පසු අමතර මුදල අවශ්‍ය නම් ණයක් ලෙස ලබාදී දීමනාවෙන් වාරික වශයෙන් අඩුකළ හැකියි. එතකොට කවුරුවත් ඉහළ මිල ගණන් වලට මිලදී ගැනීම වැළැක්විය හැකියි. කරනවා නම් මොනවද කරන්න බැරි...?
පෙහොට්ටුවට කඩේ ගිය කෙනෙකු හැටියට මම හිතනවා මොහුව ලුණු දමලා එළවිය යුතුයි කියලා.. CCTV සහ GPRS වලින් මොනිටර් කරන්නේ මොනවද? මොහු සෙකියුරිටි මැනේජර් වගේ මේ කියන දෙයින් පෙනෙන්නේ...
"තංගල්ල නගර සභාව කටකතා සහ කේළම් පමණක් කියන ස්ථානයක් බවට පත්වීම ගැන මම කනගාටු වෙනවා යැයිද කීවේය." අන්න ඒ කතාව වැරදී ඔහේගේ ඔය ටෙලිපෝනය ඔහෙට කේලම් සපයනවා වගේ, එකනේ CCTV, GPS තිබෙන ෆොනේ එකක් ගත්තේ, අපිට ඔය විස්තර සපයන්නේ ජේවීපී සාමාජිකයෝ. ඒ අපේ බුද්ධි සේවය.