(දයාරත්න ඇඹෝගම)
රුවන්වැලි මහා සෑයට සවිකර තිබු වසර 80 ක් පැරණි ගලවා ඉවත්කළ චුඩා මාණික්‍ය සැදැහැවතුන්ට වන්දනා මාන කිරීම සඳහා රුවන්වැලි මහා සෑ භුමිය තුළ ඉදිකළ සුගන්ධ කුටියේ තැන්පත් කිරීමේ ආගමික උත්වය අද (18) දින රාත්‍රී අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
බුරැම රජයෙන් ලැබුණ මෙම චුඩා මාණික්‍ය 1940 ජුනි 14 දින රැවන්වැලි මහා සැයේ නව ප්‍රතිසංස්කරණයෙන් පසුව චුඩා මාණික්‍ය මහා සැයේ පලදවනු ලැබීය.
පසුව එම චුඩා මානික්‍ය කාලයත් සමඟ දුර්වල තාවයට පත්විමේ හේතුවෙන් ඒ සඳහා නව චුඩා මානික්‍යයක් 2019 නොවැම්බර් මාසයේදි සවිකරනු ලැබීය.ඒ සඳහා විශ්ව පාරමි පදනමේ ප්‍රධානි ප්‍රභාත් නානායක්කාර මහතාගේ දායකත්වය හිමිවිය.
මෙම නව චුඩා මාණික්‍ය කොත් වහන්සේට පැලද විමෙන් පසුව ගලවා ඉවත් කරනු ලැබු වසර අසුවක් පැරණි චුඩා මානික්‍ය බැතිමතුන්ගේ වන්දනාව පිණිස රැවන්වැලි මහා සෑ භුමියේ අභිනවයෙන් ඉදිකළ සුගන්ධ කුටියේ තැන්පත් කිරිම අටමස්ධානාධිපති පුජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමයන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම අවස්ථාව සඳහා රැවන්වැලි මහා සෑ විහාරාධිපත් පල්ලේගම හේමරතන නා හිමියන් ඇතුළු අටමස්ථානයේ නා හිමිවරැ ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අපේ සමහරක් මිනිස්සු ගස්, ගල්වලටත් වඳින්නේ? බුද්ධ වචනයේ කියලා තියෙන්නේ ඒකෙ අනික් පැත්ත නේද?
නිග්‍රහයක් කරනවා නෙවෙයි. චූඩා මාණික්යක තියෙන වන්දනීය වටිනාකම කුමක්ද? චෛත්‍යයට වන්දනා කරන්නේ එහි ධාතු තැන්පත් කර තිබෙන නිසා. චූඩා මාණික්‍යයක් යනු එවන් ධාතූන් තැන්පත්කොට ඇති වස්තුවක් නොවේ...
මේ සැරේ කැලණියේ ඡන්දෙ ළංවෙලා මොන ලෝකෙන්ද චූඩා මාණික්‍යය ගේන්නේ කියලා රටේ මිනිස්සු බලාගෙනයි ඉන්නේ...
මම විචිකිච්චාවෙනුයි මෙය අහන්නෙ, රුවන්වැලි මහා ස්ථුපයේ ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා නිධන් කොට ඇත්තේ ධාතු ගර්භයේය. අප වදින්නේ එම ධාතූන් වහන්සේලාටය. එහෙම තිබියදි චෙයිත්යයේ තිබූ චුඩාමණිඛය ට වැදුම් පිදුම් කිරීමේ අර්ථය කුමක් දැයි මට නොවැටහේ..