(*** සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ කාර්යාලවල අපේක්ෂකයන්ගේ කටවුට් ප්‍රදර්ශනය කිරීමට මෙවර ඉඩ නොදෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට හා නියෝජිතයන්ට ඊයේ (17) දැනුම් දී ඇත.
මැතිවරණ කාර්යාලයක කටවුට් ප්‍රදර්ශනය කළ හැක්කේ රැස්වීම් පැවැත්වෙන අවස්ථාවලදී පමණකැයිද සභාපතිවරයා පවසා ඇත.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ දැනුම් දීම කර ඇත්තේ මැතිවරණයට තරග වදින දේශපාලන පක්ෂවල ලේකම්වරුන් හා නියෝජිතයන් සමග මැතිවරණ කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (17) පැවැති සාකචඡාවකදීය.
මේ තීරණයට දේශපාලන පක්ෂ නියෝජිතයන් බොහෝ දෙනකු එහිදී දැඩි විරුද්ධත්වය පළ කර ඇතැයිද දැනගන්නට ඇත.
මැතිවරණ නීතිය අනුව එවැනි කටයුතුවලට ඉඩ දිය නොහැකි යැයිද මහින්ද දේශප්‍රිය මහතා ඒ අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත.
මේ සාකච්ඡාවට සෞඛ්‍ය අංශ ප්‍රධානීන් කිහිප දෙනකුද සහභාගිවී සිටි අතර මැතිවරණ කටයුතුවලදි අනුගමනය කළ යුතු සෞඛ්‍යමය ක්‍රමවේද පිළිබඳව ඔවුන් දේශපාලන පක්ෂ නියෝජිතයන් දැනුම්වත් කර ඇතැයිද දැන ගන්නට ඇත.
මේ අතර මැතිවරණ කාර්යාලවල සෞඛ්‍ය ක්‍රමවේදවලට යටත්ව ප්රචාරක රැස්වීම් පැවැත්වීමට ඉඩ ලබාදෙන බව මැතිවරණ කොමිසම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ පැවති මැතිවරණ ගැන අපි නොදන්නා අය නොවෙයිනේ.. නීතිරීති නම්,තියෙනවා ඔළුවටත් උඩින්... ඒත්, ඒවා රකින්න මිනිසුන් තමයි හොයාගන්න අමාරු. මෙතෙක් පැවැති හැම රජයකම මැතිවරණ කාලයේ කරන තරමක් මැතිවරණ නීති උල්ලංගනය වුණේ එවකට බලයේ සිටි රජයේ අයගෙන්.. කීවොත් එය පුදුමයක් නොවේ. බොහෝ විට, පොලීසියෙන් බලයේ සිටින අය වැරැදි කලාම ප්‍රශ්න ඇතිකරගන්න තියෙන අකමැත්ත නිසා අතහැර දානවා. ඒ පොලිසියම විරුද්ධ පැත්තේ අයව ගෙනත්, කූඩුවේ දානවා. ඒ වගේම ආණ්ඩු පැත්තේ අය වැරැදි කළාම "ඔන්න ඕක ඇතාරලා දානවා" යනුවෙන් ඉහළින් කොල් එකක් එනවා. වැඩේ එච්චරයි. ඔය වැඩේ මෙතෙක් කල් හැම ආණ්ඩුවකින්ම සිදුවුණා. නීති තියෙන බව මහා සද්දෙන් කියවෙනවා. ඒ වුණාට වැඩේ වෙන්නේ අරහෙම තමයි. කව්රු කෙසේ කිව්වත්, කියන විදිහට මේ සිරි ලංකාවේ වෙන්නේ නම් නැහැ. කොයි පැත්තෙත් ඉන්න මිනිසුන් ඉවක් බවක් නැතුව දඟලන්නේ කෙසේ හෝ තම පිලට වාසි ලබා ගැනීමටයි. එහෙව් මිනිසුන් මෙන්න කියලා මැතිවරණ නීති අකුරට ක්‍රියාත්මක කරාවි. එහෙනම් ඉර අනෙක් පැත්තෙන් පායාවි. මොනවට කියනවද ඒවා...
අපි ගිවිසුම් වලින් අනාගත්ත ජාතියක්...
ඔබතුමා හරි ඕනම කෙනෙක් ජනතාවට හරියට සේවය කරලා තියෙනවා නම් තවත් මොකටද කටවුට් ගහන්නේ..? ජනතාව දන්නවා ජනතාවගේ හිතේ ඇඳිලා තියෙනවා එයාගේ පින්තූරය....
මට නම් හිතෙන්නේ ඕකෙන් අනවශ්‍ය තරගකාරිත්වයක් ඇති වෙනවා.