(කාංචන කුමාර ආරියදාස)
ටයර් දමා ගිනිතබා පිච්චෙමින් තිබෙන මිනිස් මළ සිරුරක් දඹුල්ල ඉහල ඇරෑවුල ගෝන වැව ප්‍රදේශයේ පිහිටි පාළු ස්ථානයක තිබී දඹුල්ල පොලීසිය සොයාගෙන තිබේ.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත දඹුල්ල පොලිසියේ කණ්ඩායමක් ගෝන වැව ප්‍රදේශයට ගොස් සොයා බැලීමේදී ඒ වනවිටත් ටයර් දමා මෙම සිරුර පිලිස්සීමෙන් තිබුණු බව පොලීසිය කියයි.
ඊට පෙර දින හෝ දහවල් කාලයේ මෙම අපරාධය සිදු කරන්නට ඇතැයි පොලිසිය විශ්වාසය පළ කර සිටී.
මෙසේ මියගොස් ඇත්තේ කවුරුන්ද මෙම අපරාධය සිදු කළේ කවුරුන්ද යන්න තවමත් අනාවරණය වී නැති බව දඹුල්ල පොලිසියේ උසස් නිලධාරියෙකු පැවැසීය.
ඉහල ඇරෑවුල ගෝන වැව ජන ශූන්‍ය ප්‍රදේශයේ හේන් ගොවිතැන් සහ ගවයන් බැඳීම ආදී කටයුතු සිදු කරන බව පොලිසිය කියයි.
මෙම ස්ථානයේ අඩි හතරක පමණ විශාල පැරණි වලක් ඇති බවත් එම වලට ටයර් දමා සිරුර පුළුස්සා තිබෙන බවත් එහි අස්ථි කොටස් සහ හිස ප්රදේශය තවමත් එම ස්ථානයේ පිළිස්සෙමින් තිබී ඇත.
මෙම ප්‍රදේශයේ යාබදව කණ්ඩායමක් හෝ කීප දෙනෙකු මත්පැන් පානය කර ඇති බවට සලකුණු රැසක් පරික්ෂා කිරීමේදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට දඹුල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත මෙම අස්ථි කොටස් යැවීමට අවශ්ය පියවර ගන්නා බව පොලීසිය සඳහන් කළේ ය .එම ස්ථානයට මේ වන විටත් පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පි . එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ගොල්ලෝ පරණ පුරුදු පටන් අරන්. දැන් හැමෝම ප්රජාතන්ත්රවාදය සොයාගෙන ගියා. යක්ෂයා නැවත පරණ පුරුදු පටන්ගෙන තිබේ. එම යක්ෂයා එළිපිට ශාන්ත බවක් පෙන්නුම් කරන අතර පන්සල්වලට ගොස් පිරිත් නූල්ද බැඳගනී. ඉන්පසු නැවතත් යක්ෂාවේශය ගනියි. මේ ගෙවී යන්නේ යක්ෂයාගේ හෝරාවයි. ඡන්දය දුන් සැමට ස්තුතියි.
දැන් කොළපාට, ජ.වි.පෙ. දත් මදිනවා ඇති මේක කළේ ගෝඨාභය කියන්න.
වැඩ පටන් අරන් වගේ... ඡන්දෙත් කිට්ටුයිනේ.
සේනට නම් සාධාරණ සැකයක් ඇවිල්ලා වගේ..
ඔක්කොටම කලින් ඔබ මැදගෙන වගෙයි... ඇයි කලබල වෙලා..?
කට්ටියකගේ හිතේ ඇති ගෝඨාභය මහත්තයගේ ගිණුමට බැරකරන්න. ටයර්සෑයවල සංස්කෘතියේ ආදී කතෘනම් හිටපු ජනාධිපති කෙනෙක් කියලා රටම දන්නවා.
වෙන කාගේ ආණ්ඩුවක්ද තියෙන්නේ මේ? ඌරා අසූචි නොකා ඉඳීවිද..? මිනි මරපු අයට කාලෙකට සැරයක් වත් මෙහෙම කළේ නැතිනම් ඇඟට අමාරුයි වගේ...
හමුදා ආණ්ඩුවක පෙරමග සලකුණුද?
ටයර් සෑයවලට කප් ගැහුවේ කව්ද?
88/ 89 කාලයේ සිංහල කොල්ලො, කෙල්ලෝ ටයර් සෑයවල් වල දවා අලු කළේ රතු කොළ කට්ටියනේ... අපිට තාම මතකයි එව්වා..
ජෙප්පෝ වැඩ පටන් අරන් වගේ.
හිසකෙස් වලින් පෙනී යන්නේ මැරිලා තියෙන්නේ ස්ත්‍රියක් බව.
දන්නෝ දනියි.