(එම් .සුසිල් ප්‍රියන්ත )
මිනි මැරුම්, ගෙවල් ගිනි තැබීම් හා මත් පෙති ජාවාරම් කිරීම් ඇතුලු දරුණු ගනයේ අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ගාලු දිසාවේ ප්‍රබල පාතාල කණ්ඩායම් නායකයකු ලෙස හංවඩු ගැසී ඇති මෝල් අමියා නමැති පාතාලයා ජීව අත් බෝම්බයක් සමග අද (16 ) වැරැල්ලැන ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි.
බලපිටිය මහාධිකරණයේ විභාග වෙමින් පවතින මිනීමැරුම් දෙකක ප්‍රධාන සැකකරු මොහු බවද පොලීසිය කියයි.
සිය බල ප්‍රදේශයේ පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඝාතනය කිරීම හා තමාට වෙඩි තැබීමට පැමිණි පුද්ගලයාට වෙඩි කාගෙනම ගොස් පිහියෙන් ඇන ඝාතනය කිරීම සැකකරු නම ඉදිරියේ ඇති මිනීමැරුම් දෙක බවද පොලීසිය කියයි.
බටපොල ප්‍රදේශයේ නිවසක් ගිනිතබා විනාශ කිරීම සම්බන්ධයෙන් මේ සැකකරු බටපොල පොලීසියට අවශ්‍යව සිටි අයෙකු බවද පොලීසිය කියයි.
ප්‍රදේශයෙන් පලාගොස් පාසල් සිසුන් ඇතුලු තරුණයින්ට මත් පෙති සැපයීම සම්බන්ධයෙන්ද සැකකරු චෝදනා ලැබ සිටින බවද පොලීසිය කියයි.
මේ සැකකරු අද (16 ) පස්වරුවේ බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට මෙන්ම ඔහු ලග තිබී අත් අඩංගුවට ගැනුණු ජීව අත් බෝම්බයද නිෂ්ක්‍රීය කිරීමටද නියමිතව තිබිණ .
මීටියාගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අජිත් ජයසිංහ,අපරාද අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක පූජිත වරුෂවිතාන ,පොලිස් සැරයන්වරුන් වන චන්ද්‍ර කුමාර (58406 )බණ්ඩාරිගොඩ (40180), පොලිස් සැරයන් රියදුරු කරුණාරත්න(33647 )පොලිස් කොස්තාපල්වරුන් වන චතුරංග (68136 )මයුර (92941) යන නිලධාරිහු මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව හංගපුවා තියනවද දන්නේ නැහැ.
ගරු ජනාධිපතිතුමනි, රණවිරුවකු වූ ඔබගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් මේ සියල්ල විනාශ කර මේ උවදුරින් අපේ රට බේරා දෙන ලෙසයි. නැවත වරක් මේ උවදුරට හිස ඔසවන්නට ඉඩ තියන්න එපා කියලත් ඉල්ලා සිටිනවා.
තව හංගපුවා ඇති මගෙ හිතේ.. ඒවත් හොයන්න එක්ක යන්න.. අපරාදෙනේ හංගලා තියෙන්නේ..
මේව තමා පාතාල මර්ධනය මුවාවෙන් තම පෞද්ගලික අමනාපකම් පිරිමහ ගැනීම. මෙම සිද්ධිය මා හොදින් දන්නා කරුනක්.