අද දිනයේ කොරෝනා රෝගීන් 20 ක් අද රාත්‍රී 11.45 ට පමණ කොරෝනා ආසාදිත රෝගීන් 7 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. 22 April 2020
පොළොන්නරුවේ ගම් 12 හුදකලා කරයි කොරෝනා වයිරසය අාසාදිත රෝගියකු හමුවූ පොලොන්නරුව , ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගැනීමෙන් පසු පුද්ගලයේ 22,000කට අධික පිරිසක් එහි හුදෙකලාව වෙසෙන බව ලංකාපුර ප්‍රාදේශීය මහ ලේකම් ඩබ්ලිව්.එම්.අයි.කරුණාරත්න මහතා පවසයි. 22 April 2020
පානදුර ප්‍රා.සභා මන්ත්‍රීවරයකු පහර කෑමකින් තුවාල ලබා රෝහලේ රුපියල් පන්දහසේ සහනාධාර මුදල බෙදා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වු සිද්ධියකදී සිදු වු පහරදීමකින් තුවාල ලද පානදුර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු රෝහල් ගත කර ඇතැයි පිංවත්ත පොලිසිය කියයි. 22 April 2020
පකිස්තානු අගමැතිත් කොරෝනා පරීක්ෂණයකට පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ද ‘කොවිඩ්-19’ පරීක්ෂණයකට යොමු කර ඇතැයි වාර්තා වේ. 22 April 2020
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මේ සතියේ කැඳවයි ‘කොවිඩ්-19’ නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මේ සතියේදී කැඳවන බව විදෙස් මාධ්‍ය අද (22) වාර්තා කළේය. 22 April 2020
මුසලි ප්‍රා. සභා සභාපති නිවෙසේම නිරෝධායනයට මන්නාරම මුසලි ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා සිය පුත්තලම 4 කනුව ප්‍රදේශයේ නිවස තුළ පවුලේ පිරිස සමග නිරෝධායනයට ලක් කල බව (22) පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි චන්රු ප්‍රනාන්දු මහතා පවසයි. 22 April 2020
ඉල්ලුම – සැපයුම උඩුයටිකුරු කළ තෙල් අතිරික්තය ලෝක ආර්ථිකයේ සිදුවිය නොහැකි දේ සිදුවෙමින් තිබේ. කොවිඩ් -19 වයිරසයේ වසංගත තත්ත්වය මතුපිටින් නිශ්චල නමුත් ඉතා ගැඹුරු කුණාටු නිර්මාණය කර ඇත. 22 April 2020
යුරෝපය උණුසුම් වීම වේගවත් වෙයි ගෝලීය සාමාන්‍ය අගයට වඩා යුරෝපය වේගයෙන් උණුසුම් වෙමින් පවතින බව නවතම දත්ත මගින් අනාවරණය වී තිබේ. 22 April 2020
ජේතවන ස්තූපයේ සංරක්ෂණ කටයුතු යළි අරඹයි ඉරි තැලීමකට ලක්ව තිබෙන අනුරාධපුර ඓතිහාසික ජේතවන ස්තූපයේ සංරක්ෂණ කටයුතු යලි ආරම්භ කල බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි. 22 April 2020
කෝවිඩ් - 19 ශීඝ්‍ර පරීක්ෂණ කට්ටල භාවිතය තාවකාලිකව නවත්වයි චීනයෙන් ගෙන්වූ කොවිඩ් - 19 ශීඝ්‍ර පරීක්ෂණ කට්ටල භාවිතා කිරීම තාවකාලිකව නවත්වන ලෙස ඉන්දියාවේ ප්‍රධාන වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය ප්‍රාන්ත රජයන්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. 22 April 2020
කුවේටයේ ලාංකිකයින් පිරිසක් එරට තහංචි නොතකමින් උද්ඝෝෂණයක වීසා නොමැතිව නීතිවිරෝධීව කුවේටයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් හාරසියයකට ආසන්න පිරිසක් යලි ශ්‍රී ලංකාවට පැමීණීම සදහා ලිපියක් නිකුත් කරන ලෙස ඉල්ලා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයක නිරතවී ඇතැයි කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග සදහන් කරයි. 22 April 2020
නිදහස් වෙළෙඳ කලාපයන්හි හි කර්මාන්ශාලා 217 ක් විවෘතයි දිවයින පුරා නිදහස් වෙළද කළාපවල කර්මාන්ත ශාලා 217ක සේවක සේවිකාවන් 30,269 දෙනෙකු මේ වන විට සේවයේ නිරත බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන ,සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (22) පැවසීය. 22 April 2020
ඉන්දියාවේ සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් 102 ක් හෙට ශ්‍රී ලංකාවට කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන ඒමේ රජයේ වැඩ පිළිවෙල යටතේ ඉන්දියාවේ පන්ජාබි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 102 දෙනෙකු හෙට (23) සවස දිවයිනට පැමිණීමට නියමිත බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය . 22 April 2020
කොරෝනා වයිරසය හේතුවෙන් සාගතයක් ඇතිවීමේ අවදානමන් ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති ‘කොරෝනා වයිරස’ වසංගතය හේතුවෙන් මහා සාගතයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. 22 April 2020
අප්‍රේල් වැටුප ගෙවීම පිළිබඳව යළි සාකච්ඡා කොරෝනා වයිරසය පැතිර යාම හේතුවෙන් වසා දැමීමට සිදුවූ කම්හල්වල සේවක සේවිකාවන්ට අපේ‍්‍රල් මස වැටුප ගෙවීම පිළිබඳව සියලූ වාණිජ මණ්ඩල සමඟ එක්ව සාකච්ඡා කොට යම් යෝජනා කිහිපයක් රජයට ඉදිරිපත් කිරීමට හාම්පුතුන්ගේ සම්මේලනය එකඟ වූ බව කම්කරු අමාත්‍යංශය පවසයි. 22 April 2020
කොටිකාවත්තෙන් තිදෙනෙක් මුලතිව් යවති කොටිකාවත්ත මහබුත්ගමුවේ පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහුගේ බිරිද හා දරුවන් තිදෙනා අද (22) නිරෝධායනය සදහා මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇත. 22 April 2020
සහනාධාර පෝරමයේ පොහොට්ටුවේ ලාංඡන ගහලා ආණ්ඩුවේ සහනාධාර සදහා වන පෝරමය පොහොට්ටුවේ ලාංඡනය සහිත මුද්‍රාවක් තබා ලබාදීමේ සිද්ධියක් පිළිබදව පැමිණිලි කිහිපයක් ලැබී ඇතැයි පැෆරල් සංවිධානය කියයි. 22 April 2020
නාගරික ඉදිකිරීම් වල කෘෂිකාර්මික සැලසුම් නාගරික නිවාස හා ගොඩනැගිලි සැළසුම් අනුමත කිරීමේ දී නාගරික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ඇතුළත් කරන බව නාගරික සංවර්ධන අධිකාරිය කියයි. 22 April 2020
කොරෝනා ආසාදිතයන් ගණන 323 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 323 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි. 22 April 2020
ඇමෙරිකාව කොරෝනා මරණ 44,000 ඉක්මවයි ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන ‘කොවිඩ්-19’ හෙවත් ‘නව කොරෝනා වයිරස’ වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ ගණන 44,000 ඉක්මවා ගොස් ඇත. 22 April 2020
සෞඛ්‍ය ආරක්ෂිත නොවන අයුරින් පවත්වාගෙන ගිය ඇඟළුම් ශාලාවක් වහයි පොල්ගහවෙල ආයෝජන කලාපයේ ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවක් අද (22) තාවකාලිකව වසා දැමීමට පොල්ගහවෙල සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළේය. 22 April 2020
සංක්‍රමණික ගුවන් මගීන්ට පැය 06 ක වැඩිපුර කාලයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන්ට ගුවන් තොටුපළ තුළ රැදී සිටීමට ලබා දී තිබූ කාලය තවත් පැය 06 කින් දීර්ඝ කළ බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම අද (22) නිකුත් කළ නිවේදනයක සදහන් වේ. 22 April 2020
ඇමරිකාවේ ප්‍රාන්ත මැතිවරණයකින් පසු කොරෝනා ආසාදිතයන් 7 ක් ඇමරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ පසුගියදා පැවති ප්‍රාථමික මැතිවරණයේදී පුද්ගලයන් 7 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත. 22 April 2020
දුම්රිය ධාවනය 24 තෙක් ප්‍රාදේශිය මට්ටමින් පමණයි ලබන 24 වැනිදා දක්වා තවදුරටත් දුම්රිය ධාවනය ප්‍රාදේශිය මට්ටමින් පමණක් සිදුකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 22 April 2020
පාසල් යෑමට නොහැකි දරුවන්ගෙන් අඩකට පරිගණකයක් නෑ ‘කොවිඩ්-19’ හෙවත් ‘නව කොරෝනා වයිරස’ වසංගතය හේතුවෙන් පාසල් යෑමට නොහැකි වී ඇති දරුවන්ගෙන් අඩකගේ එනම් මිලියන 826දෙනකුගේ නිවාසවල පරිගණකයක් නැතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල අනාවරණය කරයි. 22 April 2020
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, 8 වැනි පාර්ලිමේන්තුවේ හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් හෙට (23 වැනිදා) රැස්වෙයි. මෙම රැස්වීම කතානායක නිල නිවසේදී පැවැත්වීමට නියමිතය 22 April 2020
කොරෝනා උවදුරට මුවා වී ගසා කන්නන් පිටුදකිමු ‘සිදුවීම් ඉදිරිපිට හඬා වැළපීම හෝ සිනාසීම නොව කළ යුත්තේ එම සිදුවීමෙන් උගන්වන පාඩම ඉගෙන ගැනීම’ යැයි බුද්ධිමත් මිනිස්සු සිතති. යථාර්ථය ද එසේමය. කොරෝනා මාරාන්තික වයිරසය යනු ඒ අර්ථයෙන් ගත් කල්හි මුළු මහත් මානව සමාජයටම එකක් පසුපස එකක් වශයෙන් පාඩම් උගන්වමින් සිටින පාඩම් මාලාවක් බවට පත් වී තිබේ. 22 April 2020
විදුලි සැර වැඳී දැව සංස්ථා නිලධාරියෙක් මරුට දැව කොටන් පටවන අතර තුර අද (22 ) අධි බලැති විදුලි රැහැනක පැටලී විදුලි සැර වැඳීමෙන් දැව සංස්ථා නිලධාරියකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය කියයි. 22 April 2020
නැවත දැනුම් දෙන තුරු විදේශ තැපැල් ලිපි - පාර්සල් භාර නොගනී ඇදිරි නීතිය ඉවත් කර ඇති පලාත්වල තැපැල් කාර්යාල විවෘතව පැවැතියත් නැවත දැනුම් දෙන තුරු විදේශ තැපැල් ලිපි හෝ පාර්සල් භාර නොගන්නා ලෙස තැපැල් දෙපාර්තමේන්තුව සියලූ තැපැල් කාර්යාලවලට චක්‍රලේඛයක් යවමින් උපදෙස් දී තිබේ. 22 April 2020
’පන්නිපිටිය පෞද්ගලික රෝහලේ 69 දෙනාට කොරෝනා නෑ’ පී.සී.ආර්.පරීක්ෂණයට භාජනය කළ පන්නිපිටිය පෞද්ගලික රෝහලේ 69 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයට කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ නොමැති බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇතැයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රිසිනී මාරසිංහ මහත්මිය පැවසුවාය. 22 April 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026