දිවයිනේ මේ වන විට නැවත උද්ගතව පවතින කොවිඩ්-19 වසංගතය හමුවේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන වලට අනුකූලව කටයුතු කළ යුතු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේ දී අද (06) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.
ඒ අනුව පාර්ලිමේන්තුවට පැමිණීමේ දී හා එහි රැඳී සිටියදී සෞඛ්‍ය බලධාරීන්
දී ඇති උපදෙස් අනුව පනවා ඇති සෞඛ්‍ය ආරක්ෂණ විධිවිධාන තරයේ පිළිපදින ලෙසත්, පාර්ලිමේන්තුවෙන් පිටතදී කටයුතු කිරීමේදී ද, එම පිළිවෙත් අනුගමනය කරන ලෙසත් කථානායකවරයා මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියේය.
අමුත්තන් පාර්ලිමේන්තුවට කැඳවීමෙන් වැළකී සිටින ලෙස මෙන්ම සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන වලට අනුකූලව අත්‍යවශ්‍ය රාජ්‍ය නිලධාරීන් පමණක් පාර්ලිමේන්තුවට කැඳවන ලෙසත් සියළුම අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙයට අමතරව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, සෙසු හා අනුබද්ධිත කාර්ය මණ්ඩල, පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්, සැපයුම්කරුවන් හා සේවා සපයන්නන්, ආරක්ෂක අංශ වලට අයත් කාර්ය මණ්ඩල ඇතුළු පාර්ලිමේන්තුවට පැමිණෙන සියළුම දෙනා සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන අනුව කටයුතු කිරීම ද අත්‍යවශ්‍ය වන බවද කථානායකවරයා නිවේදනය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකෙ ඉන්න 225 න් කීදෙනෙකුට ඕක තේරෙයිද දන්නේ නැහැ. ඒ ජාතියේ කට්ටියක්නේ මේ සැරෙත් යවලා තියෙන්නේ.
අපේ මේ සුපින්වත් 225 ම තමතමන්ගේ සෞඛ්‍ය අාරක්ෂිතව තමයි තම වැඩකටයුතු කරන්නේ.. කව්ද මේවා අලුතින් මතක් කරන්නේ? නිකං වැඩ නැතුවට... එහෙම සෞඛ්‍ය අාරක්ෂිතව මේ පින් කඳන් 225 වැඩ නොකළා නම් මෙලහකටත් 225ම මහ උළු ගෙදර කල්දේරම් බත රස විඳිනවා.
ඕකේ ඉන්න අයට කොරෝනා හැදෙන්නේ නැහැ කොහොමත්.. මොකද රටට වැඩක් ඇති එවුන් නෙවෙයිනේ ඕකෙ ඉන්නේ. රටේ ආර්ථිකයට උරදෙන රටේ පුරවැසියා තමයි හැමදාමත් මේ කොරෝනා බිල්ලට අසුවෙන්නේ..
ආ.. නෑ නෑ... එහෙම පරිස්සම් වෙන්න ඕනෑ නැහැ. අර පරිවාර සනුහරයක් ඉන්න නිසා හැදුණොත් මුලින්ම හැදෙන්නේ එයාලටනේ.
මට කොරෝනා වෙන්නට පුලුවන්නම්. කෙලින්ම එන්නේ දියවන්නාවට. දියවන්නාවේ ඌරු කොටුවේ එල්ලිලා ඉන්න මිනිස් ලේ බොන වවුල්ලු ඔක්කෝටම බෝකරනවා. දරුණු විදිහට බෝකරනවා. ආයෙත් ගොඩ නොඑන්නම. මෙහෙන් චුතවෙලා අවීචි මහා නරකාදියටම යන්න වැඩේ සලසනවා. වවුලන්ට මුට්ටි අල්ලන හිඟන පෙරේතයින්ටත් අවීචියට යන්න වැඩේ සලස්වලා. මම ආයෙත් මිනිස් වෙස් ගන්නවා. ලේ බොන වවුලන් විසින් විනාශ කරපු අපේ සුන්දර රට ආයෙත් වතාවක් ලස්සන රටක් කිරීමට හැකි පමණින් උරදෙනවා.