ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයේ ගම්පහ, දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශයන්ට පමණක් නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇදිරිනීතිය පනවා ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඉහත සඳහන් පොලිස් බලප්‍රදේශයන්ට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් බල ප්‍රදේශ 11 කට ඇ ඳිරිනීතිය පැනවීමට අද දහවල් තීරණය කර තිබුණ නමුත් පස්වරුවේදී එම තීරණය නැවතත් වෙනස් කරන ලදි.
ඒ අනුව ගම්පහ, දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශයන්ට පමණක් නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇදිරිනීතිය අද සවස සවස 6.00 සිට ක්‍රියාත්මක වේ.
ඒ අතර නිරෝධායන කාලයේදී සියලුම තැනත්තන් නිවෙස්වල රැදී සිටිය යුතු අතර ,එම කාලයේදී එම ප්‍රදේශයෙන් බැහැරවීම සහ ඇතුළුවීම තහනම් කර ඇත.
දුරගමන් මගී ප්‍රවාහන බස් වලට මෙම ප්‍රදේශ හරහා ගමන් කළ හැකි වූවද බස් රථ නතර කිරීම, මගීන් නංවා ගැනීම සහ බැස්සවීමද තහනම් කර ඇත. එමෙන්ම මෙම පොලිස් බල ප්‍ර දේශයන්ට ඇතුළත් දුම්රිය ස්ථානවල දුම්රිය නොනැවත්විය යුතුබවද දන්වා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ද නිවේදන වැනෙනසුලු. හරියට රිෂාඩ් ගේ සහෝදරයට වගේ.