වීරකැටියේ ගම්මු දක්ෂිණ අධිවේගය අවහිර කරති වීරකැටිය බැදිගම ප්‍රදේශයේ දී දක්ෂිණ අධිවේගී මාර්ගය අවහිර කරමින් අද (17) ප්‍රදේශවාසීහු පිරිසක් විරෝධතාවක නිරත වූහ. 17 February 2020
යාපන විද්‍යා දැරිය ඝාතනය - නඩු භාණ්ඩ යතුරුපැදිය හිටපු පො.ප නිශාන්ත පාවිච්චියට අරන් යාපනය විද්‍යා දැරියගේ ඝාතන චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකුට අයත් යතුරු පැදියක් නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් නොකර වසර 5කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා පෞද්ගලික පරිහරණය සඳහා භාවිතා කර ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. 17 February 2020
එජාපය අලියා ලකුණ අතහැරියොත් එය යළිත් ලැබෙන බවට සහතිකයක් දෙන්න බෑ එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණ අතහැරියොත් එම ලකුණ මැතිවරණ කොමිසමේ පක්ෂ ලේඛනයට ඇතුළත් වන හෙයින් මැතිවරණයෙන් පසුව එය යළිත් එ.ජා.ප.යට ලැබෙන බවට කිසිදු සහතියක් දිය නොහැකි යැයි මැතිවරණ කොමිසම එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට දැනුම් දී ඇත. 17 February 2020
එජාප නව සන්ධානයේ ඡන්ද ලකුණ ගැන අදත් සාකච්ඡාවක් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ නව සංධානය මහ මැතිවරණයට මුහුණ දෙන ලකුණ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායකයෝ අද (17) දිනයේත් රැස්වෙති. 17 February 2020
දේශපාලන පළිගැනීම් කොමිසමට පැමිණිලි 263 ක් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව වෙත මේ වන විට වනවිට පැමිණිලි 263ක් ලැබී ඇති බව එහි ප්‍රකාශකයෙක් පැවසීය. 17 February 2020
මහනුවර ෆේස්බුක් සාදයක් වටලයි ආදරවන්තයන්ගේ දිනය සැමරීම නිමිත්තෙන් මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක මත්ද්‍රව්‍ය භාවිත කරමින් පවත්වාගෙන යමින් තිබූ ෆේස්බුක් සාදයක් ඊයේ (16) වැටලූ මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීහු එම සාදයට සහභාගි වෙමින් සිටි දෙසීයකට ආසන්න තරුණ තරුණියන් පිරිසක් අත්අඩංගුවට ගත්හ. 17 February 2020
බලපිටියේ වෙඩි තැබීමක් බලපිටිය වැලිවතුගොඩ ප්‍රදේශයේ දී අද (17) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අහුංගල්ල පොලීසිය කියයි. 17 February 2020
වයිරසයෙන් 1765ක් මියගිහින්-70,000ක් ආසාදිතයි කොරෝනා වයිරසයෙන් මිය ගිය ගණන අද(17) වන විට 1765 දක්වා ඉහළ ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි. 17 February 2020
ග්‍රාමීය මාර්ග ඉදිරිකිරීමේ ව්‍යාපෘති ටෙන්ඩරයක අක්‍රමිකතාවයක් රටපුරා ග්‍රාමීය මාර්ග ලක්ෂයක් ඉදිරිකිරීමේ ව්‍යාපෘතියේ මැනුම්කටයුතු සිදුකිරීමේ ටෙන්ඩරය පිරිනැමීමේදී අක්‍රමිකතාවයක් සිදුව ඇතැයි එම ටෙන්ඩරයට ඉල්ලුම් කළ සමාගම සඳහන් කරයි. 16 February 2020
ඡන්දය ප්‍රකාශයට පත්කරන තුරු දේශපාලන පක්ෂවල ලාංඡන වෙනස් කරන්නෑ මහා මැතිවරණය ප්‍රකාශයට පත්කරන තුරු කිසිඳු දේශපාලන පක්ෂයක ලාංඡන වෙනස් නොකරන බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි. 16 February 2020
පාර්ලිමේන්තුව විසුරුවීම මාර්තු 2 වැනිදා - මැතිවරණය අප්‍රේල් 25වැනිදා පාර්ලිමේන්තුව ලබන මාසයේ 2වැනිදා විසුරුවා හැරීමට රජයේ අවධානය යොමුවී ඇති අතර, ඒ අනුව මහමැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. 16 February 2020
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙන තැනකට ගෙනයන්න ඉල්ලීමක් කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ලංකා කම්කරු කොංග්‍රසයට අයත් ගොඩනැගිල්ලක බදු පදනම මත පවත්වාගෙන යනු ලබන විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙනත් ගොඩනැගිල්ලකට ගෙන යාමට එම අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත. 16 February 2020
‘හමුදාපතිට ඇමෙරිකාවෙන් පැනවූ තහනම අගය කරනවා‘ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ සිය පවුලට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම වළකාලමින් තහනමක් පැනවීම අගය කරන බව දෙමළ ජාතික සන්ධානය නිවේදනය කර සිටීයි. 16 February 2020
‘‘වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන්න රජය වගකීමෙන් කටයුතු කරනවා‘‘ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට රජය වගකීමෙන් කටයුතු කරන බවත් ඇතැම් වතු සමාගම් එක්සත් ජාතික පක්ෂය ඇතුළු බලවේග සමඟ එක්ව වැටුප් වැඩි කිරීමට විරුද්ධව රජයට බලපෑම් එල්ල කරන බවත් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවැසීය. 16 February 2020
දේශප්‍රේමයට කෑ ගහපු කවුරුත් හමුදාපතිට ඇමෙරිකාවෙන් පැනවූ තහනම ගැන කතා කරන්නැහැ‘ දේශප්‍රේමය වෙනුවෙන් කෑ ගහපු, රණවිරුවන් වෙනුවෙන් කඳුලූ හලපු කිසිවෙක් හමුදාපතිට ඇමරිකාවෙන් පැනවු තහනම ගැන කතා කරන්නේ නැතැයි හිටපු පළාත් සභා මන්ත්‍රී මහජන අවධි සභාවේ කැඳවුම්කරු නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද (16) පැවසීය. 16 February 2020
මහ කන්නයේ වී මිලදී ගන්න කෝටි 383 ක් මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමට රජයේ බැංකු හරහා කෝටි 383 ක මුදලක් වී අලෙවි මණ්ඩලයට ලබාදී ඇත. 16 February 2020
‘‘ඉන්ධන මිල අඩුකරන්න කටයුතු කරනවා‘‘ ලෝක ඉන්ධන මිල පවතින තත්ත්වයේම පැවතියහොත් ඉදිරි සති දෙක තුළදී රටේ ඉන්ධන මිල අඩු කරන්න රජය කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (16) වලස්මුල්ලේදී පැවසීය. 16 February 2020
විදේශ ඇමැති ඇමෙරිකානු තානාපතිනිය කැඳවා විරෝධය පළ කරයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ඇමෙරිකාවේ සංචාරය කිරීම තහනම් කරමින් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පැනවූ තහනම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකා තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය අද (16) කැඳවා ශ්‍රී ලංකා රජයේ විරෝධය පළ කිරීමට විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කටයුතු කළේය. 16 February 2020
බැඳුම්කර ගනුදෙනුවට එරෙහිව නඩු යන හැටි ජවිපෙන් සොයයි මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් හැටියට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවැරීමට හැකිදැයි සොයා බලන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 16 February 2020
නෙළුම් කුළුනේ නව කළමනාකාර ප්‍රධානී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ කොළඹ නෙළුම් කුලූනේ නව කළමනාකරණ ප්‍රධානියා වශයෙන් යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පත්කරනු ලැබ ඇත. 16 February 2020
‘එජාපය තරග කරන ලකුණ ගැන තීරණය හෙට’ එක්සත් ජාතික පක්ෂයේ තිබු සියලු අර්බුද නිමාවට පවත්ව ඇති බවත්, ඉදිරි මහ මැතිවරණයේදි පොදු ලකුණකින් තරග කිරීමට තීරණය කර ඇති බවත්, එම අවසන් තීරණය හෙට(17) ගන්නා බවත් මාතලේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජා.ප) රංජිත් අලුවිහාරේ මහතා අද(16) පැවසීය. 16 February 2020
‘අපේ පරම්පරාවේ නායකයන්ට ගම ආරක්ෂා කරන්න අයිතිය තියෙනවා’ “අපේ පරම්පරාවේ සෑම ගමකම සෑම නායකයකුටම ඒ ගම් ආරක්ෂා කරගන්න බලය අයිතිය තියෙනවා. ගමට අසාධාරණයක් විනාශයක් සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳ කථා කරන්න අයිතිය ගම්වල සියලු නායකයන්ට තියෙනවා. 16 February 2020
ලක්ෂ 20 ක දැව ගෙන ගිය ලී මෝල් හිමියකු ඇතුළු තිදෙනෙකු අල්ලයි රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා දැව තොගයක් ත්‍රිකුණාමලයට රැගෙන යමින් සිටි ලී මෝල් හිමියකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් සමත්වූහ. 16 February 2020
කන්තලේ සීනි සමාගමේ සේවකයන්ට පඩි ගෙවන්න කෝටියක් ඉල්ලයි වසර ගණනාවක් තිස්සේ වසා දමා ඇති කන්තලේ සීනි සමාගමේ සේවකයන් 34 දෙනකුට වැටුප් ගෙවීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය රජයෙන් රුපියල් කෝටියක පමණ මුදල් ඉල්ලා ඇත. 16 February 2020
‘දැන් සැපද කියලා අහපු අය අපි දුන්න පෝෂණ මල්ලත් නවත්තලා’ ’එදා බඩුමිල ඉහළ ගියාම දැන් සැපද කියලා අහපු නායකයෝ අද ඒ ගැන කතා කරන්නේ නෑ. නොමිලේ බඩු මල්ලත් දෙනවා කිව්ව ආණ්ඩුව අපි දුන්න පෝෂණ මල්ලත් නවත්වලා’ යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. 16 February 2020
හෝර්ටන්තැන්න නැරඹීමේ ප්‍රවේශපත්‍ර නිකුත්කිරීම ප.ව. 2ට අවසන් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා සංචාරකයන්ට පිවිසීමට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම පස්වරු 2.00 න් පසුව අත්හිටුවීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබේ. 16 February 2020
වයිරසය ගැන ජනයා අස්ථානයේ බිය නොකරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය දන්වයි කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ලෝක ප්‍රජාව අස්ථානයේ බිය නොකර, ඒ සඳහා වන අනතුරු ඇඟවීමකට තමන් සමඟ එක්වන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනම් මහතා සියලු රටවල්වලින් ඉල්ලා සිටී. 16 February 2020
ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස රඟ පෑ අයෙක් අත්අඩංගුවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා යැයි පවසමින් පෙනී සිට බොරු පැමිණිල්ලක් කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි. 16 February 2020
විදේශ අමාත්‍යාංශය ඇමරිකාවෙන් යුද හමුදාපතිට පැනවූ තහනම හෙළා දකී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද සංචාරක තහනම හෙළා දකින බව විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 16 February 2020
‘වන අඩවි නිලධාරිනියට එරෙහිව පරීක්ෂණ කරන්නේ නෑ’ දේවානි ජයතිලක වැනි රාජ්‍ය නිලධාරීන් දහස් ගණනින් බිහි විය යුතු යුගයක ඇය ගැන ඇත්තේ ආඩම්බරයක් බවත් කවුරුන් මොනවා කීවත් ඇයට එරෙහිව කිසිදු පරික්ෂණයක් කිසිසේත්ම නොපැවැත්වෙන බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අද (16) පැවසීය. 16 February 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026