ඉන්දියාවෙන් වාර්තාවන කොරෝනා වයිරස ආසාධිත මරණ ගණන අද (3) ලක්ෂය ඉක්මවා ගියේය. ඒ අනුව ලොව තෙවැනියට වැඩිම කොරෝනා වයිරස ආසාධිත මරණ ගණනක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි.
ලොව වැඩිම කොරෝනා වයිරස ආසාධිත මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වන අතර දෙවැනි තැන පසුවන්නේ බ්‍රසීලයයි.
ඇමෙරිකාවෙන් වාර්තා වන මරණ ගණන 207,060ක් වන අතර බ්‍රසීලයෙන් වාර්තාවන්නේ මරණ 145,388කි.
අවසන් පැය 24 දී ඉන්දියාවෙන් කොරෝනා වයිරස ආසාධිත මරණ 1,066ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන වයිරස ආසාධිත මරණ ගණන 100,842ක් දක්වා ඉහළ ගියේය.
අවසන් පැය 24 දී ලොව රටකින් වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාධිත මරණ ගණන වාර්තා වී ඇත්තේ ද ඉන්දියාවෙනි.
ඉන්දියාව තුළ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගැනීමෙන් පසු වැඩිම බලපෑමක් එල්ල වූ මාසය බවට පත්වූයේ සැප්තැම්බර් මාසයයි. සැප්තැම්බර් මාසයේ දී දිනපතා වාර්තා වූ නව කොරෝනා වයිරස මරණ ගණනේ සාමාන්‍ය 1,100ක් විය.
- රොයිටර් අනුග්‍රහයෙනි
- 055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉන්දියාවේ කොරෝනා මරණ ලක්ෂය ඉක්මවයි
Hafeel Saturday, 03 October 2020 01:08 PM
මෝදිට දැන් තියෙන්නේ ඔහුගේ රට තුළ කොරෝනා පාලනය කරන නිසා අපේ රටට 13 කිය කියා බලපෑම් කරන එක නොවේ..