
(ටී.කේ.ජී.කපිල )
ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කීපයකට අද (4) උදෑසන ඇදිරිනීතිය පැනවීමත් සමඟ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ යම් සීමාකිරීම් කීපයක් සිදුකිරීමට කටුනායක ගුවන් තොටුපළ ඉහළ කළමනාකාරීත්වයේ උපදෙස් මත පියවර ගනු ලැබ ඇතැයි ගුවන් තොටුපළ කාර්යය බාර නිලධාරීයා පැවසීය.
ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ සහ පැමිණීමේ පර්යන්ත තුළ ඇති තීරු බදු රහිත සාප්පු සංකීර්ණ වෙත අද (4) දින දහවල් 12.00 සිට ගුවන් මගීන්ට පිවිසීම යළි දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.
එමෙන්ම ගුවන් තොටුපළ තුළ පිහිටි පැමිණීමේ පර්යන්තයේ ආලින්දයට සහ පිටත්වීමේ පර්යන්තයේ ඇති ආලින්දයටත් ගුවන් මගීන් සමඟ පැමිණෙන අමුත්තන්ට පිවිසීම මෙන්ම ගුවන් තොටුපළ මහජන ප්‍රේක්ෂක මණ්ඩපය ද නැවත දැනුම් දෙනතුරු වසා දමා දැමීමට පියවර ගත් බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය බාර නිලධාරීයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd